Hostel [2005] (+18) සිංහල උපසිරැසි සමගින්


ඔන්න මගේ Special Collection එකේ 8 වැනි චිත්‍රපටිය අරන් ආවා. මේ චිත්‍රපටි මාලාව නම් ඔයාලගේ මනස කලම්බන චිත්‍රපටි මාලාවක්.... ඒත් ලෝකප්‍රසිද්ධ වුණ, මුළු යුරෝපයටම භීෂණයක් වුණ ස්ලෝවැකියානු උසස් පාසලක් ගැන නිපදවුණ මේ චිත්‍රපටිය ඔයාලා ගොඩක් අය බලලා ඇති. හැබැයි සිංහල උපසිරැසි නැතිව. අන්න ඒ භීෂණ පාසල ගැන කියැවෙන Hostel කතාමාලාවේ පළමු චිත්‍රපටියයි අද ඔයාලට අරගෙන ආවේ... මේ චිත්‍රපටිය 2005 වර්ෂයේ හොලිවුඩ් ආදායම් වාර්තා තැබුවා.මේ චිත්‍රපටිය නිපැයුවාට වඩා 20 ගුණයක් විතර මේ චිත්‍රපටිය ඉපැයුවා. සමහරවිට චිත්‍රපටියේ වැඩි නළු නිළියන් පිරිසක් යුරෝපීය අය නිසා වෙන්න ඇති මේක ඇමෙරිකාවටත් වඩා යුරෝපයේ ජනප්‍රිය වුණා...දැන් කතාව ගැන කියන්නම්.
ඇමරිකානු පාසැල් සිසුන් තිදෙනෙක් යුරෝපයේ සවාරියක් යනවා. ඔවුන් අහම්බෙන් ස්ලෝවැකියාවට යනවා. එහේදි ඔවුන් නාවාතැන් ගන්නා නවාතැන් පොළ ඔවුන් සිතාගෙන සිටින සුන්දර තැනක් නොවෙන බව ඔවුන් දැනගන්නේ නෑ... මේ නවාතැන්පොළට එන සිසුන් සිසුවියන් එක් සංවිධානයක් මගින් පැහැරගෙනවිත් දරුණු වධ දී මරා දමනවා. ඒ, මිනීමැරීම් කරන අළුගෝසුවන් ගෙන් විශාල මුදලක් අයකරගනිමින්. එයින් ඒ සංවිධානය මහත් ලෙස ආදායම් ලබනවා. මුලින් කිව්ව සිසුන් තිදෙනාත් මේ සංවිධානයට අහුවෙනවා. ඒත් ඉන් එක් අයෙක්ගේ වාසනාවට ඔහුට ඒ වධකාගාරයෙන් පැනගන්න අවස්ථාවක් ලැබෙනවා. හැබැයි ඔහු ඉන් පැනගන්නේ තමන්ගේ මිතුරන් මැරූ අයගෙන් පළිගනිමින්....ගිණි විසිවෙන චිත්‍රපටි බලන්න කැමති අයට අරගෙන ආව මේ චිත්‍රපටිය බොහෝ දර්ශන නිසා වැඩිහිටියන්ට පමණක් බැලීමට සුදුසු එකක් ලෙස මතක් කර සිටිනවා.අනික කොපි එක අන්රේටඩ් එකක්.එහෙම එවා කොහොමද කියලා මම විස්තර කරන්න උවමනා නැහැනේ.කතාව පළවෙනි චිත්‍රපටියෙන් අවසන් වෙන්නේ නෑ... අර සංවිධානය පැනගිය සිසුවා පස්සෙන් හඹායන තැනින් මේකේ දෙවෙනි චිත්‍රපටිය පටන් ගන්නවා... එහෙනම් ඉක්මනින් ඒ චිත්‍රපටියෙන් හමුවෙමු!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි



No comments

Powered by Blogger.