HOSTEL PART II [2007] සිංහල උපසිරැසි සමගින්


මෙන්න මම කලින් ගෙනාව Hostel චිත්‍රපට මාලාවේ දෙවැනි චිත්‍රපටිය. මගේ විශේෂ එකතුවේ 9 වැනි එක. මේක 2007 වර්ෂයේ තිරගත වුණාට ඒ අවුරුද්දේ වැඩි දෙනෙක් මේ චිත්‍රපටිය ගැන දැනගෙන හිටියේ නෑ... ඒත් 2008 වර්ෂයේ මුලදිම මේ චිත්‍රපටිය ඉතා ඉක්මනින් ආදායම් වාර්තා අතරට එක්වෙලා පළමු චිත්‍රපටිය තරම්ම ජනප්‍රිය භාවයක් ලැබුවා.
මේකේ කතාව මෙහෙමයි, පළමු චිත්‍රපටියේ පැනගිය සිසුවා හඹායන මිනීමරු සංවිධානය විසින් සිසුවා හොයාගෙන මරාදමනවා. ඒත් එක්කම යුරෝපයේ සංචාරයක යෙදෙන ශිෂ්‍යාවන් තිදෙනෙක් අහම්බෙන් මේ ස්ලෝවැකියානු උසස් පාසැල් නවාතැනට එනවා. ඔවුනුත් සිතාගෙන එන්නේ මේ ස්ථානය ඉතා මනරම් සංචාරයට සුදුසු තැනක් ලෙසින්. ඒත් ඔවුන්ට ඒ සතුට වැඩිකල් විඳින්න ලැබෙන්නේ නෑ... අර සංවිධානය විසින් මොවුන් හැමෝම අල්ලාගන්නවා. මුලින් කිව්ව ශිෂ්‍යාවන් දෙදෙනක් සහ නවාතැනේ අනෙක් අය අමානුෂික ලෙස ඝාතනය කෙරෙනවා... ඒත් එක් ශිෂ්‍යාවක් පැනයාමට සමත් වෙනවා. හැබැයි එයා නැවතත් මිනීමරුවන්ට අහුවෙනවා. අන්තිමේදි එයාව මැරීමට එන අළුගෝසුවාගේ දුර්වලකම නිසා සහ ඇගේ දක්ෂතාවය නිසා ඒ ශිෂ්‍යාව බේරෙනවා. ඒ විතරක් නෙමෙයි ඇගේ දක්ෂතාවය හඳුනාගන්නා සංවිධානයේ ප්‍රධානියෙක් විසින් ඇයව ඒ සංවිධානයට බඳවාගන්නවා. ඉන්පසු ඇය කරන්නේ ඇයව සහ ඇගේ මිතුරියන් මේ අපායට ඇද දැමූ අය සොයාගෙන ඔවුන්ගෙන් පළිගැනීමයි... මේ චිත්‍රපටියේත් අඩංගු දර්ශන නිසා වැඩිහිටියන්ට පමණක් සුදුසු බවට නිර්දේශ කරනවා..චිත්‍රපටිය මෙතැනින් ඉවර වුණාට අර නවාතැන එහෙමත් නැත්නම් හොස්ටල් එක නම් එතැනින් ඉවර වෙන්නේ නෑ... හොස්ටල් එක අවසන් වෙන හොස්ටල් තුන්වෙනි චිත්‍රපටියෙන් නැවත ඉක්මනින් හමුවෙමු!
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි



No comments

Powered by Blogger.