TOUCH [2012] Season 1 Episode 2 සිංහල උපසිරැසි සමඟ



ඔන්න අපි පසුගිය සතියේ පටන්ගත්තු ටච් කථා මාලාවේ දෙවැනි කොටස අරගෙනයි ආවෙ.("1+1=3")

පසුගිය සතියේ මතක ඇතිනේ ජේක් පාසල් බස් රථයක වෙන්න ගිය ලොකු අනතුරක් වැලැක්වුවා? ඒකෙන් ළමයි විශාල ප්‍රමාණයක් ජීවත් වුනා. ඒකෙන් පස්සෙ එයාගෙ තාත්තා වන, මාටින් හට මේ බව වැටහෙනවා. ඒ වගේම "පොෆෙසර් ආතර්" විසින් මාටින් හට කියා දෙනවා මාටින්ගේ පුතාට අනාගතය දකින්න පුලුවන් බව. 


මේ කොටසේදි ජේක් තම පියාට දෙන්නේ 5296 අංකය. ඒකෙන් ජේක් තම පියාව යවන්නේ 
අර්නි නැමති උකස්බඩු කඩයකට. නමුත් එතනට යන හේතුවක්වත් මාටින් දන්නේ නෑ. ඒක නිසා මොකක් වෙන්න යනවද කියලවත් දන්නෙ නෑ. මේ අතරේ කඩේට හොරෙක් එනවා. ඒක නිසා කතාව වෙනම අතකට යොමු වෙනවා.. මම මේ කිව්වෙ කතාවෙ මුල විනාඩි කීපය. කතාවෙ මම නොකියපු විනාඩි 40ක්ම තියෙනවා බලන්න. 

අද ඉඳන් තමයි ජේක්ගේ වැඩයි ඔහුගේ පියා වන මාටින් බෝම් ගේ වැඩයි බලන්න පුලුවන් වෙන්නේ... එහෙනම් ඊළඟ සතිය වෙනකල් කට්ටියටම ජයවේවා!
 
අලුත් කතාව ගැන ඔයාලගෙ අදහස් දාලා යන්න අමතක කරන්න නම් එපා... 
 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉඳුනිත් විසිනි


No comments

Powered by Blogger.