Mission Impossible 4 - Ghost Protocol සිංහල උපසිරැසි සමගින්


 ඔන්න කුණුහරුප උපසිරැසි දෙන්නැති zoom.lk තුලින් තවත් නවතම චිත්‍රපටයක් රැගෙන ආවා.මේ චිත්‍රපටයේ BluRay පිටපතක් එනකල් ඉඳලා ඉඳලා DVD rip එකට උපසිරැසි දෙන්න තීරණය කෙරුවා. නමුත් BluRay පිටපටත් නිකුත් වූ විගස අපි සබැඳියන් යාවකලීන කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කැමති අය DVD rip පිටපත බාගත කරන්න. චිත්‍රපටය ගැන කියනවනම්, කවුරුත් හඳුනන ටොම් කෘස් රංගනය සහ අධ්‍යක්ෂණය කරනු ලැබූ මේ චිත්‍රපටය Mission: Impossible චිත්‍රපට මාලාවේ හතරවැනි කොටසයි. පසුගිය කොටස් වගේම පසුගිය වසර තුලදී මෙම චිත්‍රපටයත් ඉතා සාර්ථක අයුරින් රටවල් ගණනාවකම තිරගත වුනා. කතාව වෙන්නේ දක්ෂ කණ්ඩාමක් එක්ක ටොම් කෘස් (Ethan Hunt) න්‍යෂ්ටික මිසයිල තුලින් වෙන්න යන විනාශයක් ව්‍යර්ථ කීමක් උදෙසා කරන ක්‍රියාන්විතයක්. විශේෂත්වය වෙන්නේ මේ චිත්‍රපටය තුල ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායි පිහිටි Burj Khalifa තුල පවා රූපගත කිරීම් කර තිබීම වගේම. ඉන්දීය නළු අනිල් කපූර්ත් මෙහි රංගනයට දායක වෙලා තියෙනවා. ඒ වගේම රටවල් ගණනාවක රූගත කිරීම් කරලා තියෙනවා.

වර්ථමානයේ උපසිරැසි යෙදීම ගැනනම් පොඩ්ඩක් කතා නොකරම බෑ. මොකද දැන් දැන් මේ උපසිරැසි යෙදීම බොහොම පහත් තත්වයකට වැටිලයි කියලයි මගේ මතය. බොහෝම උපසිරැසි තුල කුණුහරුප අඩංගු වෙනවා වගේම නියම අදහස හාත්පසින්ම වෙනස් අයුරින් අර්ථකථනය කර පරිවර්ථනය කර තිබෙනවා. සමහර අය එකට එකඟ වෙන්න පුළුවන්. නමුත් සදාචාර සම්පන්න ලෙස ගත්තොත් එය හොඳයිද නැද්ද කියලා ඔබම කියන්න. මම හිතනවා zoom තුලින්නම් එවැනි දේට ඉඩ දෙන එකක් නෑ කියලා. මොකද මම දන්නා තරමින් කුණුහරුප නොමැති උපසිරැසි ලබා දෙන්නේ zoom වෙතින් පමණයි. ඒ වගේම මම උපසිරැසි යොදන අයට කරුණාවෙන් කියනවා ... පුළුවන් තරම් පරිවර්ථනය කරන අවස්ථා වලදී සිංහල වචන භාවිතා කරන්න. මන්ද සමහර ඉංග්‍රීසි වචන ඒ අයුරින්ම සමහර උපසිරැසි යෙදවීම් තුල සිංහලෙන් අකුරු කරලා තියෙනවා. මන්ද අපිට අවශ්‍ය සිංහල උපසිරැසියක් නිර්මාණය කිරීම මිස සිංග්ලිෂ් උපසිරැසියක් නිර්මාණය කිරීම නොවෙයි. ඒ වගේම උපසිරැසි යොදවනවිට චිත්‍රපටය නරබමින් උපසිරැසිය යොදවන්න. එවිට අවසානයේ ගුණාත්මක නිර්මාණයක් බිහි කිරීමට හැකි වේවි.හොඳයි එහෙනම් තවත් නවතම සිංහල උපසිරැසියක් සමඟ ළඟදීම හමුවෙමු. ඊළඟ උපසිරැසිය ගැන පොඩි හෝඩුවාවක් දෙන්නද ? මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ චරිතය නිරුපණය කරන්නේ ඔස්කා නිර්දේශ වුනු Jennifer Lawrence විසිනි. පුලුවන්නම් කමෙන්ට් කරනකොට මොකද්ද කියලා හිතෙන චිත්‍රපටයේ නමත් දාලා යන්න අමතක කරන්න එපා. අද දවස 2/4/12 වෙලාව ප.ව 3.00.

No comments

Powered by Blogger.