The Legend of Zorro (2005) සිංහල උපසිරැසි සමඟින්




ඔන්න එහෙනම් සුපිරි ගණයට වැටෙන තවත් ෆිල්ම් එකක් අරගෙනයි ආවේ. පොඩිකාලේ සෝරෝගේ කාටුන් ක නොබලපු කෙනෙක් නැතුව ඇතිනේ. ඉතින් මේ තමයි සෝරෝගේ පුරාවෘත්තය. Action, Adventure තමයි ඉතින්. කඩුසටන් වලින් පිරුණු ජවනිකා තමයි තියෙන්නේ. වැඩිය වර්ණනා ඕනේ නෑ. කෙටියෙන් විස්තර කරලා දාන්නම්.

කැලිෆෝනියාවට නිදහස ලැබෙන කාලේ ඡන්ද පෙට්ටි මංකොල්ලයකින් තමයි කතාව ඇරඹෙන්නේ. ඉතින් කැලිෆෝනියාවට නිදහස ලැබුණට පස්සේ සෝරෝ විශ්‍රාම ගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒත් සියලුම ඡන්ද ගණන් කරලා නැති හින්දා සෝරෝට එහෙම කරන්න වෙන්නේ නෑ. ඉතින් සෝරෝ මේ අවදානම් කටයුත්ත අතහරිනකම් බලාගෙන ඉන්න සෝරෝගේ ලස්සන බිරිඳගේ බලාපොරොත්තු කඩවෙනවා. සෝරෝට සිද්ධවෙන්නේ ගෙදරින් පිටවෙන්න තමයි. මේ අතරේ ඇමෙරිකාව විනාශ කිරීමට යුරෝපීයයන් උත්සාහ දරනවා. කොහොමහරි සෝරෝට මෙයාලගේ වැඩේ මාට්ටු වෙනවා. ඉතින් මෙයාලගේ බඩු තොගය අහුවුණාම ඒකේ තියෙන්නේ මොනවද දන්නවද? සබන්!!! ඉතින් මේ කස්ටිය සබන් වලින් මුළු ඇමෙරිකාවම විනාස කරලා දාන්නේ කොහොමද කියලා බලාගන්නකෝ. කියන්න අමතක වුණා. සෝරෝගේ බිරිඳත් දික්කසාද වෙනවනේ. ඉතින් මේ වගේ සරල හේතුවක් හින්දා බිරිඳ දික්කසාද වෙයිද? නැත්නම් වෙනත් හේතුවක් තියෙනවද? එහෙනම් උපසිරැසි සමඟින් රසවිඳින්න....






No comments

Powered by Blogger.