The Tourist (2010) සිංහල උපසිරැසි සමඟින්



ඔන්න ඉතින් අද මම තවත් සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආවා, හොලිවුඩ් සිනමාවෙ මම ආසම කරන නලුවෙක් තමයි ජොනී ඩෙප් කියන්නෙ, ඉතින් මෙයාගෙ ෆිල්ම් එකක් කරන්න කාලයක ඉදල බලාගෙන හිටියෙ, ඔන්න අද තමයි ඒකට අවස්ථාව ලැබුනෙ, ඒවගේම මේක 2010 අවුරුද්දෙ තිරගත වුන එකක්, මේක දැනටම බලපු අයනම් ගොඩක් දෙනෙක් ඇති ඒත් අපේ සයිට් එකෙන් මේකට උපසිරැසි ලබාදීල නැති නිසා තමයි මම මේක අරගෙන ආවෙ, ඉතින් මෙහි රංගනය වෙනුවෙන් මම කලිනුත් කිව්වා වගේම හොලිවුඩ් වල වගේම මුළු ලෝකයේම ජනප්‍රිය නළු නිළි යුවලක් දායක වෙලා තියෙනවා ඒ තමයි ජොනී ඩෙප් සහ ඇන්ජලිනා ජොලී, එවගේම මේක අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Florian Henckel Von Donnersmarck කියන අධ්‍යක්ශකවරයා ව්සින්, ඉතින් මේකෙ කතාව ගැන පොඩ්ඩක් බලනවනම්, ඒලිස් ක්ලිෆ්ටන් වර්ඩ් (ඇන්ජලිනා ජොලී) පස්සෙන් ස්කොට්ලන්ඩ්යාඩ් එක සහ ප්‍රංශ පොලිසිය ලුහුබදිනවා, ඒකට හේතුව තමයි ඇයගෙ පෙම්වතා ඇලෙක්සැන්ඩර් පියර්ස් කියන්නෙ යූරෝ මිලියන 744ක වංචාවක් සිද්ද කරපු කෙනෙක්, ඒ විදියට පොලිසිය ඒලිස් පස්සෙන් ලුහුබදින්නෙ පියර්ස්ව හොයාගන්න, ඉතින් මේ අතරෙදි ඒලිස්ට පියර්ස්ගෙන් ලියුමක් ලැබෙනවා, ඒකෙ කියල තියෙන්නෙ ප්‍රංශයෙ ගෙයා ඩි ලියෝන් කියන දුම්රිය ස්ථානයෙන් 8.22ට පිටත් වෙන දුම්රියට ගොඩවෙලා, ඒකෙ ඉන්න ඔහු තරම් උස මහත හාදයෙක්ව හොයාගෙන, ඒ ඉන්නෙ පියර්ස් කියලා පොලිසියට විශ්වාස කරවන්න කියලා, ඉතින් ඔය විදියට තමයි කතාව පටන් ගන්නෙ, ඉතින් ඒ විදියට කෝච්චියෙදි පියර්ස් වගේ උස මහතට හොයාගන්න පුද්ගලයා කවුද, ඒලිස්ට මොනවා වේවිද, පොලිසියට පියර්ස්ව අල්ලගන්න පුලුවන් වේවිද, පියර්ස්ට, ඒලිස්ට ආපහු එකතුවෙන්න පුලුවන් වේවිද, යූරෝ මිලියන 744 හංගලා තියෙන්නෙ කොහෙද කියන ප්‍රශ්න වලට උත්තර මේක නරඹීමෙන් හොයායන්න ලැබෙයි, මේක බලල නැති අයට මේක අනිවාර්යෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා, ඒවගේම කියන්න ඕනෙ මම මේක දෙන්න හිටියෙ ඊයෙ, බැරිවීමකින් සබ් එක මගේ අතින් මැකුනා, ඉතින් ආපහු මුල ඉදලම මේක කරන්න වුනා, එහෙනම් තවත් උපසිරැසියක් එක්ක හමුවෙමු, ජයවේවා!





No comments

Powered by Blogger.