The Godfather [1972] සිංහල උපසිරැසි සමග


ගෝඩ්ෆාදර් කියන්නේ ලෝක සිනමාවේ බිහිවෙච්ච විශිෂ්ටතම සිනමා නිර්මාණයක්. ඇමෙරිකානු චිත්‍රපට ආයතනයේ වාර්ථා වලට අනුව ඇමෙරිකානු සිනමාවේ බිහිවෙච්ච දෙවන විශිෂ්ටතම සිනමා නිර්මාණය තමා ගෝඩ්ෆාදර්.1972 වසරේ හොඳම චිත්‍රපටය,හොඳම අනුවර්තිත තිර රචනය,හොඳම නළුවා යන ඔස්කා සම්නාන 3 දිනාගත්තා,ඒ වගේම පසුව තවත් සම්මාන 7ක් දිනාගත් අතර සම්මාන 13කට නාම යෝජනා වී තිබෙනවා.දැනට IMDB හි 2වන තැනට තිබෙන මෙම චිත්‍රපටය මම පෞද්ගලිකව බොහොම ප්‍රිය කරන සිනමා නිර්මාණයක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ෆ්‍රැන්සිස් ෆෝඩ් කොප්පොලා විසින්,චිත්‍රපටය නිර්මාණය වීමට පාදක උනේ මාරියෝ පූසෝ විසින්1969 දි ලියන ලද ගෝඩ්ෆාදර් කෘතියයි.මෙහි තිර රචනය සඳහාද මාරියෝ පූසො දායක වී තිබෙනවා.

චිත්‍රපටය තුල අන්තර්ගත වන්නේ සංවිධානාත්මක අපරාධ වලට මුල්වන පිතෘමූලික පවුලක පියා පවුලේ ව්‍යාපාර වලට අකමැත්තෙන් පසුවන තම පුතා හට පවුලේ ආධිපත්‍යය පවරන ආකාරයයි,මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන මාලන් බ්‍රැන්ඩෝ චිත්‍රපටය තුල විශිෂ්ට රංගනයක නියැලෙනවා,ඔබ චිත්‍රපට නැරඹීමට ප්‍රිය කරන්නෙක් නම් මෙය ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක්.

මේ මගේ පළමු සිංහල උපසිරැසි ගැන්වීම,දවස් දෙකක් වගේ කාලයක් ගතවුනා මට මේක සම්පූර්ණයෙන් අවසන් කරන්න.චිත්‍රපටය නරඹලා උපසිරැසියේ අඩුපාඩු තියෙනවනම් ඒ ගැන මාව දැනුවත් කරන්න කියලා හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා,ඒ වගේම Zoom.lk කාර්යමණ්ඩලයටත් ස්තූති වන්ත වෙනවා මේ උපසිරැසි නිර්මාණය වෙබ් අඩවියේ පළකිරිම සම්බන්දව.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ŔǎvéŅ විසිනි



No comments

Powered by Blogger.