Ram-Leela (2013) සිංහල උපසිරැසි සමගින්


අද ටිකක් විශේෂ දවසක් මට. එහෙම වෙන්න ලොකු හේතුවක් තියෙනවා. අද මේ දෙන රාම් ලිලා චිත්‍රපටියත් එක්ක. මම හින්දි චිත්‍රපටි පමණක් 50ක් උපසිරැසි ගන්වලා තියෙනවා.මේ මම සම්පුර්ණයෙන් උපසිරැසි ගන්වපු ගොඩෙන් නම් 68 වැනි චිත්‍රපටිය. කොහොම හරි හින්දි චිත්‍රපටි වලට මම ඇළුම් කරන්න ගත්තේ පොඩි කාලේ ඉදන්මයි. අදටත් ඉංග්‍රිසි චිත්‍රපටි වලට වඩා හින්දි චිත්‍රපටි බලන්න මම ආස කරනවා. ඒ නිසයි හොදම හින්දි එකක් ආවොත් අනිවාර්යෙන්ම සිනමා හලකට ගිහින්ම බලන්න පවා පුරුදු වෙලා ඉන්නේ. කොහොමින් හරි හින්දි චිත්‍රපට විතරක්ම 50ක් උපසිරැසි ගන්වපු වෙනත් කෙනෙක් මම හිතන්නේ නෑ ඉන්නවා කියලා. ඒ නිසා පොඩි අහිංසක ආඩම්බරකමකුත් හිතට දැනෙනවා.මම මේ උපසිරැසි ගන්වපු චිත්‍රපටි 50 අතරේ සුපර් හිට් ගණයට අයත් වෙච්ච චිත්‍රපටි ගණනාවක්ම තියෙනවා. මම උපසිරැසි දාන්න පටන් ගත්තේ 2010 අවුරුද්දේ. මම හිතන්නේ ඒ කාලේ මේ තරම් උපසිරැසි ගන්වන අයවත් ලයින් ගොඩක් තියන හින්දි චිත්‍රපටි කරන්න කැමැති කවුරුවත්ම හිටියෙත් නෑ.කොහොම උනත් මේ අද මම උපසිරැසි ගන්වන කෙනෙක් නොවෙන්න තිබ්බා කෙනෙක් හිටියේ නැත්නම්.මම හිතන් හිටියේ නෑ මට මේ වැඩේ කරන්න පුලුවන් වේවි කියලා.කොහොම හරි මට පුලුවන් වෙයි කියලා එත්තු ගන්වලා මාව උපසිරැසි දාන්නේ කොහොමද ඒක හදාගන්නේ කොහොමද කියලා අකුරුක් නෑර උගන්නපු හසිතා කපුගමගේ ඇයට ගොඩක් ස්තුතියි.මොකද පලවෙනි උපසිරැසි එකේ ඉදලා මගේ එක්ක ගොඩක් චිත්‍රපටි එකට කරලා තියෙනවා.ඒ අතරින් අදටත් සුම් හි වැඩිම ජනප්‍රියතාවය දිනාගෙන තියෙන Jab Tak Hai Jaan (2012) චිත්‍රපටිය පෙන්වන්න පුලුවන්. ඒ එක්කම චිත්‍රපටියක් පැය 3 1/2 ඇතුලත ලයින් 1970ක් දාලා ඉවර කරපු Cocktail චිත්‍රපටියත් මම හිතන්නේ මම වේගයෙන්ම කරපු උපසිරැසි ගැන්වීම. මම දිපු චිත්‍රපටි 50 ගැනම දැනගන්න මෙතැනින් පිවිසිලා බලන්න පුලුවන්.


හරි එහෙනම් දැන් අද ගෙනාපු චිත්‍රපටිය ගැන දෙයක් කියන්නම්. මේ චිත්‍රපටිය මම උපසිරැසි ගන්වන්න හිතන් හිටපු එකක් නම් නෙමෙයි. හැබැයි ෆෙස්බුක් එකේ යාළුවෝ කිප දෙනෙක්ගේම ඉල්ලමක් තිබ්බා මේක මට කරන්න කියලා. ඉතින් උපසිරැසි දාන්න හිතුවා. අපි අහලා තියන රෝමියෝ ජුලියට කතාමාලාවේ ඉන්දියන් වර්ෂන් එක තමයි මේ.මේ චිත්‍රපටිය නිර්මාණය කරන්නේ. සාවර්යා වැනි හින්දි චිත්‍රපටි නිශ්පාදනය කරපු සංජය ලීලා බංසාලි විසින්. ඔහුගේ චිත්‍රපටි එකතරා අමුතුම විදයක් තියෙන්නේ කියලා බලපු අය දන්නවා ඇතිනේ. හැම ආදරයකටම කරදර බාධක තියෙනවා වගේම රාම් හා ලිලාගේ ආදර කතාවෙත් හැල හැප්පලි බොහොමයි. ලොකුම කාරණාව මේ අයගේ පවුල් දෙක අවුරුදු 500ක ඉදන් තරහා කාරයෝ. අවුරුදු 500ක හතුරුකමක් මේ දෙන්නාගේ ආදරේ දැකලා නැති වෙයිද? ඒක කවදාවත්ම වෙන්නේ නැති දෙයක් කියලා ඔයාලටම හිතේවි. කොහොමත් හිතන දේ හරිද කියලා බලන්න චිත්‍රපටිය අරගෙන බලන්න කියලා ආරාධනා කරනවා. ලිපිය දිග වැඩි වෙනවා තව කියන්න ගියොත්. ඒ වගේම ලස්සන සිංදු කිහිපයක්ම තියෙනවා චිත්‍රපටියේ.ඉතින් ඒ සිංදු සේරම මම පුලුවන් විදියට උපසිරැසි ගැන්වුවා. ඒ වගේම චිත්‍රපටියේ රසය ඒ විදියටම තියෙන්නේ සමහර අවස්ථා වලදි ඍංගාරාත්මක වචන කිහිපයක් භාවිතා කරන්න උනා.එහෙනම් ආපහු හින්දි චිත්‍රපටියකින්ම හමුවෙමු. බලමු මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් හින්දි චිත්‍රපටිම 100 කඬඉම පසු කරන්න පුලුවන් වෙයිද කියලා. කොහොමත් අපේ කණ්ඩායමේ දැන් හොද හින්දි උපසිරැසි ගන්වන පිරිසක් ඉන්නවා දැකිමත් සතුටක්.


මගේ මේ හින්දි චිත්‍රපටි 50 අතුරින් නරඔපු වචනයකින් හරි අදහසක් දක්වපු හැමෝටම බොහෝම ස්තුතියි. කවදාවත් කමෙන්ට් බලාගෙන චිත්‍රපටිනම් උපසිරැසි කලේ නැහැ. එත් ඔයාලාගෙන් ලැබුන කමෙන්ට් හැම දෙයක්ම මට ලොකු සතුටක් බවත් කියන්නම ඕන.හම්බවෙමු ආපහු එහෙනම් හින්දි චිත්‍රපටියක් එක්කම. හැමෝටම ආදරණිය සතියක් වේවා.



No comments

Powered by Blogger.