Tomorrowland (2015) සිංහල උපසිරැසි සමගින්



හරි කස්ටිය මේ දවස් වල එක්සෑම් අස්සෙ මේ ෆිල්ම් එක ගේන්නේ. ඒක නිසා වැඩිය කතාවක් නම් ලියන්න ලැබෙන්නෙ නෑ මේ ෆුලුමට. සමහර අය නම් චිත්‍රපටයෙ හොඳ කොපියක් ආපු අය නම් බලනවා ඇති. ඉතින් තාමත් නොබලපු අයට දැන් චාන්ස් එක තියෙනවා. ඉතින් මේ කතාව චරිත කිහිපයක් වඩා දුවනවා. ඒක තනිකර යන්නෙ පෘථිවිය හා එහි අනාගතය පාදක කරගෙනයි. මේ කතාවෙ මගෙ සිත්ගන්නා සුලු සිද්ධිය තමයි ඇතීනා කියන කෙල්ල. කෙල්ලෙක් කිව්වට මම කැමතියි පොඩි නංගියෙක් කියනවට. ඇය තමයි කතාව ලස්සන කරන්නෙ, කතාව ඇදගෙන අන්තිම වෙනකන් යන්නෙ ඇය තමයි. ඒත් දුක්බර මොහොතකුත් එනවා. ඉතින් ඒක කතාව බලලා ඉන්න නැත්නම් කිසිම රහක් නෑ. අනෙක තමයි.

කතාවෙ වෝල්කර් කියලා මොල කාරයෙක් ඉන්නවා. එයා පොඩි කාලෙ ඉඳන්ම හරිම දක්ෂයා. මෙයාට කොහොම හරි ඇතීනා කියන කෙල්ල මුන ගැසෙනවා. ඉතින් පොඩි වුනාට දෙන්නට දෙන්න ටිකක් කැමති වෙන්න ගන්නවා. කොහොමින් හරි වෝල්කර් හදන්නෙ එක්තරා ප්‍රදර්ශන සල්පිලකට තමන්ගෙ නව සොයාගැනීම ඉදිරිපත් කරන්න. ඒත් වෝල්කර් දන්නෙ නෑ ඒ මොකටද කියලා. එයා ඒ ප්‍රදර්ශනයෙන් ඉවත් කරනවා. ඔහුගෙ නිර්මාණය ඒ බලධාරීන් බාරගන්නෙ නෑ. සමච්චලයට ලක්කරනවා. ඒත් ඇතීනා කියන කෙල්ල ඔහුව වෙනස් විදිහට දකිනවා. ඔහු කිසිම දෙයක් උත්සහය අතහරින කෙනෙක් විදිහට දක්නනෙ නෑ. ඒක නිසා ඔහුට එක්තරා පින් එකක් දෙනවා. මෙන්න මෙතන ඉදන් තමයි කතාව සුපිරියටම යන්නෙ. එහෙනම් තවත් වැඩි කතා නොකිය අපි චිත්‍රපටය බලමු. හැමෝටම සුබ දවසක්



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.