Personal Taste සම්පූර්ණ කතාමාලාව සිංහල උපසිරැසි සමගින්!



මෙවර කතාමාලාවෙන්..
මතකනේ Playfull Kiss කතාව දෙන කොටම අපි මේ කතාව දෙන්න පොරොන්දු උනා.. ඉතින් කොහොම හරි අපි කට්ටිය මේ කතාවත් ඔයාලාට ලබා දෙන්න අදහස් කලා. මිලඟටත් තවත් හොද කොරියන් කතාවක් අපි දෙන්න හිතාගෙන ඉන්නවා. ගියවර නම කියලා කරපු වරද මේ පාර නොකර ඉන්නම්. ඒක ඔයාලාට පුදුම කිරිමක් විදියටම අපි සබ් එක දෙන්නම්. එහෙනම් අද අරන් ආව කතාව පැත්තට හැරෙමු. මේක 2009 වසරේ විකාශනය වුන කොරියානු කතාමාලාවක්. Park Kae-in කියන්නේ කම්මැලි ගැණු ළමයෙක් කිසි පිළිවෙලක් නැතුව ඉන්න කෙනෙක් තමයි මෙයා.මෙයා ගේ තිබ්බ හොද වගේම නරක ගති ගුණයක් තමයි අනික් අයව ඕනවට වඩා විශ්වාස කරන්න යාම. ඉතින් මේ දේ නිසා තමන්ගේ හොදම යාළුවා එයාටත් නොදැනේන එයාගේ පෙම්වතාව උදුර ගන්නවා. තමන්ගේ ළගම ඉන්න යාළුවා මෙහෙම දෙයක් කලාම මොන වගේ දැනෙනවාද කියලා කියන්න ඕන නැහැ නේ.කොහොම හරි එක එක ප්‍රශ්න වෙලා Park Kae-in ට තමන් හිටපු ගෙදරත් නැති වෙනවා. හැබැයි මෙහෙම දෙවල් උනා කියලා Park Kae-in හිතින් ඇද වැටෙන්නේ නම් නැහැ. කොහොම හරි ආපහු නැගි සිටිනවා.මේ වගේම තව කෙනෙක් තමයි Jeon Jin-ho ටිකක් දරුණු කෙනෙක්. තමන්ගේම කියලා ව්‍යාපාරයක් කරගෙන යනවා...තනිකරම අර කලින් කිව්ව ගැණු ළමයාගේ විරුද්ධ පැත්ත.මේ කෙනා අවුරුදු ගානක් තනියම හිටිය නිසා ගෙදර කුලියට දෙන්න තිරණය කරනවා.මේ ගෙදරට පදිංචියට එන්නේ Park Kae-in. දෙන්නා අතර වෙන කතාව තමයි ඉතින් කතා මාලාවට පදනම් වෙලා තියෙන්නේ. ලොකු විස්තරයක් උවමනා වෙන එකක් නැහැ නේ. එහෙනම් මේ කතාමාලාවත් රසවිදින්න. ඉක්මනින්ම අපි තවත් කොරියානු කතාමාලාවකින් හමුවෙමු.


කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.




1 comment:

  1. personal taste torrent file can't download ,site close ,no other torrent

    ReplyDelete

Powered by Blogger.