Zid (2014) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න එහෙනම් අරගෙන ආවා. තවත් අලුත් චිත්‍රපටියක්. ඇත්තටම චිත්‍රපටියේ කතාව නම් හොදම එකක් කියලා කියන්න ඕන. කතාවේ අවසානයත් තව ටිකක් විතර හොද උනා නම් මේකේ පෙන්නන්න හදපු කතාව තවත් ලස්සන වෙන්න තිබ්බා. අවුරුදු 14ට වගේ වැඩි නම් චිත්‍රපටිය අවුලක් නැතුව බලන්න පුලුවන්. හැබැයි එහෙමත් ඕන නෑ වගේ දැන් කාලේහැදෙන ෆිල්ම් එක්ක බැලුවාම සිපගැනිමේ දර්ශන ටිකක් වැඩියි. ඒ ඇරෙන්න චිත්‍රපටියේ කිසිදු අවුලක් නම් නැහැ..හින්දි සිනමාවට චොප්රා පවුලේ තවත් කෙනෙකු හදුන්වා දෙමින් තමයි සිඩ් චිත්‍රපටිය තිරගත වෙන්නේ ඇය Parineeti Chopra හා Priyanka Chopra ගේ නැගනිය වන Mannara සෙසු චරිතත් සිනමාවට අලුත් අය තමයි. නමුත් ඔවුන්ගේ ලොකු ආධුනික බවක් නම් නැහැ.

කතාව ගැන කියනවා නම් රෝනී කියන්නේ පත්තර වාර්තාකරුවෙක්. රෝනී ආදරයෙන් පැරදිලා ඉන්න කෙනෙක්.ප්‍රියා කියන්නේ රෝනී යාළුවෙලා හිටපු ගැණු ළමයා.නමුත් දැන් දෙන්නා වෙන් වෙලා ඉන්නේ මේ නිසා ටිකක් රෝනී අවුල් වෙලා ඉන්නේ. රෝනී මේ අවුල අත්හැර ගන්න ඉන්න තැනින් වෙනත් ගෙදරකට යනවා කුලියට.මේ යන තැන ඉන්නවා මායා කියලා ගැණු ළමයෙක්. මායා රෝනීව දැක්කාම රෝනීට ආදරය කරන්න පටන් ගන්නවා. රෝනීට නම් මායා ගැන කිසිම ආදරණිය හැගිමක් නැහැ. කොහොම හරි රෝනී මායාව එක්කගෙන ක්ලබ් එකකට යනවා. මේ ක්ලබ් එකේදි රෝනීට ගැණු ළමයෙක් හම්බවෙනවා ඇයගේ නම
නැන්සි. මේ නැන්සි කියන්නේ ප්‍රියාගේ නංගි. ඒ කියන්නේ රෝනී කලින් යාළුවෙලා හිටපු ගැණු ළමයාගේ නංගි. කොහොම හරි නැන්සි එක්ක පොඩ්වෙලාවක් ගත කරලා කට්ටිය සමු අරගෙන යනවා. මායායි රෝහනුයි මේහෙම ක්ලබ් එකට ගිහින් හොදටම බීලා වාහනේ යද්දි බයික් එකකින් එන කෙනෙක්ව හැප්පෙනවා.මේ කෙනා එතැනදිම මිය යනවා. මේ හැප්පිලා මිය යන්නේ රෝනීට දැන් ටිකකට කලින් හම්බුන නැන්සි කියන ගැණු ළමයා. මේක අනතුරක් උනත් මායාගේ කිමට රෝනී මේක පොලිසියටවත් නොකියා හංගනවා. මේ අතර මේ මරණය නිසා ප්‍රියාත් එනවා ඒ නගරයට. මේ රිය අනතුරේ සුල මුළ හෙළිවේවිද නැත්නම්.... කතාව කියන්නේ නෑ අරගෙන බලන්නකෝ.... චිත්‍රපටිය ගැන මෙහෙම හැදින්විමකුත් දෙන්නම් කෝ...අපි පොඩි කාලේ ඉදන් කතා අහනවා..අච්චි සියලා අපිට කියලා දෙන කතා,ඉස්කොලේ අපිට කියලා දෙන කතා,එතකොට යාළුවෝ එක්ක අපි කියන කතා. මේ ඇහෙන කතා සේරම බොරු කතානේ..හැබැයි මේ කතාවක් ඇත්තට උනා වගේ අපිට කියන්න පුලුවන් උනොත් අහන් ඉන්න අයට ඒක ඇත්තම සිදුවිමක් වගේ දැනේවි නේද? එහෙම වෙයිද? බලන්නකෝ...



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.