Rummy (2014) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න අද අරගෙන ආවේ 2014 වර්ෂයේ තිරගත වූ , බාලක්‍රිෂ්ණන් සහ කේ. බාලක්‍රිෂ්ණන් යන දෙපලගේ අධ්‍යෂණයෙන් සහ, කේ. බාලක්‍රිෂ්ණන්ගේ තිර රචනයක් වන
Rummy (2014) චිත්‍රපටය. මෙම චිත්‍රපටය IMDB දර්ශකයේ 4.6 අගයක් හිමිකරගෙන තියෙනවා. විජේයි සේඳුපති , ගයත්‍රි, ප්‍රබාකර් සහ අයිශ්චර්‍යා රාජේස් යන නළු නිළියන්ගේ රංගනයෙන් දායකවෙලා තියෙනවා.

එහෙනම් චිත්‍රපටය ගැන පොඩි හැදින්විමක් කරන්නම්,තෝරාගත් ශිෂ්‍යයින් කණ්ඩායමක් රජයේ විද්‍යාලයට බඳවාගන්නවා. ශක්ති ( ප්‍රබාකර්) සහ ජෝසප් ( විජේයි සේඳුපති) එක පංතියේ මිතුරන් සහ හොස්ටල් එකේ කාමර යාළුවන් බවට පත් වෙනවා. මීනක්ෂිත් (ගයත්‍රී) මෙම පාසලේමයි අධ්‍යාපනය ලබන්නේ. ඒ අතරතුරේ මීනක්ෂි සහ ශක්ති අතර ආදරයක් ඇති වෙනවා. ඒවගෙම ජෝසප්ටත් පෙම්වතියක් (අයිශ්චර්‍යා) ලැබෙනවා. ඊටපස්සේ මේ ආදරයන් ගැන කෙල්ලන්ගේ දෙමව්පියන්ට ආරංචි වෙනවා. ඊටපස්සේ තමා හැම කාරණාවක්ම වෙනස්වෙන්න පටන්ගන්නේ. ඉතින් ඊටපස්සේ මොකද වෙන්නෙ කියලා බලන්න චිත්‍රපටය මුල සිට අග දක්වා බලන්න කියා ආරාධනා කරනවා.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.