Disturbia (2007) සිංහල උපසිරැසි සමඟ.




මේක මගේ 6වෙනි උපසිරැසි නිර්මාණය. මේක 2007 තිරගත වුන කතාවක්. අපි කවුරුත් දන්නා කියන Transformers (2007), Transformers: Revenge of the Fallen (2009) සහ Transformers: Dark of the Moon (2011) යන චිත්‍රපට වල ප්‍රධාන චරිතයට පන පෙවූ Shia LaBeouf තමයි මෙහි ප්‍රධාන චරිතයට පන පොවන්නේ. මේක ඉතාමත් කුතුහලයෙන් බලන්න පුළුවන් කතාවක්, ඒවගේම කිසිම කම්මැලි කමක් නැතුවම බලන්න පුළුවන්. කුතුහලය වගේම, ත්‍රාසය සහ භීතියත් එකට රඳවාගෙන තියෙන කතාවක් කියලා කියන්න පුළුවන්. Horror කියන ලේබල් එක නොතිබුනත්, ඒ ඝනයට වුනත් දාන්න පුළුවන් කියලා මට හිතෙනවා.

කතාව ගැන කියනවා නම් අපේ චිත්‍රපටියේ කතා නායකයා Kale ගේ පියා හදිසි අනතුරක් වෙලා ඔහුට අහිමිවෙනවා. මේ දුක Kale ගේ හිතේ පැලපදියම් වෙලා තියනවා ගොඩකාලයක් යනකම්. මෙහෙම අවුරුද්දක් ගෙවිලා යනවා. මේ ප්‍රශ්නේ නිසා මොහු පාසලේ ගැටුමක් ඇති කරගන්නවා. එකත් තමන්ගේ ගුරුවරයෙක් එක්ක. මේ නිසා ඔහුගේ පාසල් ගමනත් තහනම් වෙනවා වගේම පොලිසියෙන් ඔහුව නිවාස අඩස්සියේ තබනවා. ඔහුට එම ප්‍ර දේශයෙන් පිට විමත් තහනම් කරනවා. ඔහුගේ පාදයෙත් උපංගයක් සවිකරනවා ඉතින් මොහුට යන්න පුලුවන් නගර සිමාවේ විතරයි. ගෙදරට වෙලා කට්ට තනියම ඉන්න ඔහු කරන්න වැඩක් නැති කමට තමන්ගේ දුරදක්නය අරන් අහල පහල ගෙවල් වල සිදුවිම් දිහා බලනවා හැබැයි මේ දුර බැලිල්ල නිසා Kaleට මුහුණ දෙන්න වෙන සිදුවිම වගේම ඔහු දකින දේ හිතන්න වත් බැරිවේවි...කතාව අරන් බලන්න මොකද වෙන්නේ කියලා.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිලින රාජකරුනා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.