Irukku Aana Illai (2014) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න තවත් අලුත් දමිළ චිත්‍රපටියක් අරන් ආවා. මේක හොල්මන් චිත්‍රපටියක් උනාට බය හිතෙන එකක් නෙමෙයි.කතාව කියවලා බලන්නකෝ එතකොට බලන්න ආස හිතේවි වගේම බය හිතෙන්නේ නැති හොල්මන කවුද කියලාත් දැනගන්න ලැබේවි. කතාව ගැන කියනවා නම් වෙන්කට් කියන්න තනියම ජිවිතේ ගෙවන තරුණයෙක්. මොහු මෘදුකාංග සමාගමක ඉංජිනේරුවෙක් එත් ජිවිතේ අතින් නම් හුදකලාව තමයි වෙන්කට් ජිවත්වෙන්නේ. කොහොම හරි ඔෆිස් එකේ වරදක් බොස්ට පෙන්වලා දෙන්න ගිහිල්ලා හැමෝම ඉස්සරහා වෙන්කට් හොදටම බැනුම් අහනවා. මේ නිසා වෙන්කට් කලකිරිමෙන් ඉන්නකොට වෙන්කට්ගේ යාළුවා ඇවිල්ලා හිත හදලා දෙන්නාම හවස හොදටම බොන්න යනවා. වෙන්කට් මෙහෙම බිලා බයික් එකේ එද්දි රිය අනතුරකට මුහුණ දෙනවා. මේ අනතුරට පත්වෙන්නේ ත්‍රි රෝද රථයක්. වෙන්කට් අනතුරට ලක්වුන කෙනාට උදව් කරන්න ගියත් ඒ වෙලාවේ ඒ ත්‍රිවිල් එකේ ගිය ගැනු කෙනා මැරෙනවා. වෙන්කට් තමන්ගේ යාළුවට කතා කරලා මේ සිදුවිම කියනවා යාළුවා නම් කියන්නේ බිලාත් ඉන්න නිසා පොලිසිය එන්න කලින් එතැනින් මාරු වෙන්න කියලා. කොහොම හරි ටික දවසක් යද්දි වෙන්කට්ගේ නිවසේ අමුතු අමුතු දේවල් වෙන්න ගන්නවා. අවසානයේ මේ ගෙදර අමුතු අමුතු දේවල් කරපු කෙනා එලියට එනවා. ඒ දිව්‍යා කියලා ගැණු කෙනෙක්.ඒ අර අනතුරින් මිය ගිය ගැණු කෙනා. ඇයව පෙන්නේ ඇහෙන්නේ වෙන්කට්ට විතරයි. වෙන කාටවත් ඇයව පෙන්නේ නෑ. ඇය භුත ආත්මයක්. ඇය තමන් කවුද කියලා හොයලා දෙන්න කියලා වෙන්කට්ට කියනවා. වෙන්කට් කැමැති වෙන්නේ නෑ ලස්සන ගැණු ළමයෙක් උනත් මේ කෙනා භුතයෙක් නිසා ගෙදර ඉන්නවා දකින්න ඒ නිසා එක එක ක්‍රම කරනවා මේයාව එලවගන්න.ඒ ක්‍රම ඉතින් බලන්නම වටිනවා.

කොහොම හරි දුම්මල ගහලාවත් දිව්‍යාව එලවගන්න බැරි වෙනවා.දිව්‍යා නිසා වෙන්කට්ට සැනසිල්ලේ ඉන්න විදියක් නැති වෙනවා.මොකද දිව්‍යා ආත්මයක් නිසා දොරවල් වහලා තිබ්බාත් ඇයට එහෙට මෙහෙට යන්න පුලුවන් නේ. වෙන්කට් නානකාමරේ නාන වෙලාවට පවා මේ භුත කෙල්ල එනවා. ඉතින් වෙන්කට්ට මේක මහා වදයක්. කොහොම හරි මේ දිව්‍යා නිසා වෙන්කට්ට මඟ තොටෙදිත් ප්‍රශ්න වෙනවා. ඇයි දිව්‍යාව පෙන්නේ මෙයාට විතරනේ. වෙන්කට් දිව්‍යා එක්ක කතා කර කර පාරේ ගියොත් පාරේ යන මිනිස්සු හිතන්නේ තනියම කතා කර කර යන්න පිස්සු කෙනෙක් කියලා. කොහොම හරි අවසානයේ දිව්‍යා ඇවිත් ඉල්ලපු ඉල්ලිම ඉටු කරන්න ඔහු කැමැති වෙනවා.දිව්‍යා කියන්නේ කවුද කියලා වෙන්කට් හොයන්න උත්සහා කරනවා තමන්ගේ යාළුවා එක්ක එකතු වෙලා. අහලා ඇතිනේ මොකක් හරි ආත්මයක් අපේ අතර සැරි සරන්නේ මොකක් හරි ප්‍රශ්නයක් නැත්නම් අභිරහසක් තියන නිසයි. ඇත්තටම මේ භුත ආත්මයක් වෙලා උදව් ඉල්ලගෙන ආව දිව්‍යා කියන්නේ ඇත්තටම කවුද? ඇයගේ ඇත්ත නම මොකක්ද? වෙන්කට්ට මේ අභිරහස විසදලා දිව්‍යා ගේ ආත්මයට සැනසිමක් අරන් දෙන්න පුලුවන් වේවිද? ඒ ගැන දැනගන්න චිත්‍රපටිය අරගෙන බලන්න. කොමඩිම චිත්‍රපටියක් නොවුනත් හොදට හිනාවේවි බලන්න පුලුවන් ජවනිකාත් චිත්‍රපටියේ තියෙනවා.ඩවුන්ලොඩ් කරලා බැලුවාට පාඩු වෙන්නේ නැති දමිළ චිත්‍රපටියක් කියලා කියන්නම ඕන



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කේවින් සීඩි හවුස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.