Punisher 2: War Zone (2008) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න එහෙනම් දීර්ඝ කාලයකට පස්සේ පනිෂර් දෙවැනි කොටස අරගෙන ආවා. ඔයාලා කලින් දීපු The Punisher (2004) බලලා නැත්නම් බලන්න. මේ චිත්‍රපටයට ඒකේ කිසිම සම්බන්ධයක් නෑ. ඒත් ඒක බැලුවා නම් කතාව ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්. Divergent, Thor: The Dark World, G.I. Joe: Reataliation වගේ චිත්‍රපට වල රඟපෑ Ray Stevenson තමයි මේකේ ප්‍රධාන නළුවා හැටියට රඟපාන්නේ. ඒ වගේම පනිෂර්ගේ හතුරා හැටියට ඉන්නේ John Carter වැනි චිත්‍රපට වල රඟ පෑ Dominic West. ඒ වගේම Arrow එකේ වෝල්ටර්ගේ චරිතය නිරූපණය කරපු Colin Salmon මෙහිදී රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කියනවා නම් අපේ පනිෂර් එයාගේ පවුලේ අය අහිමි වීමත් සමඟ නගරයේ ඉන්න අපරාධකරුවන් සිය ගාණක් මරා දමනවා. ඔය අතරතුරේදී රුසෝටි කියලා අපරාධකරුවෙක්ව අල්ලන්න යද්දී මෙයාගේ අතින් ඔත්තුබැලීමෙහි යෙදුණු පොලිස් නිලධාරියෙක්ව මිය යනවා. ඉතින් සටන අවසන් වෙලා පනිෂර් රුසෝටිව වීදුරු කටු කුඩු කරන යන්ත්‍රයක් තුළට ඇදලා දාලා ඒක ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒකෙන් එළියට එන ජිග්සෝ පනිෂර්ගෙන් පළිගන්න සැලසුම් කරගෙන අර නිලධාරියාගේ පවුලේ අයව පැහැරගෙන යනවා. ඉතින් පනිෂර්ගේ ලොකුම හතුරා වන ජිග්සෝව පරාද කරන්න පුළුවන් වෙයිද? නිලධාරියා මියයෑම සම්බන්ධයෙන් පොලීසිය ගන්න පියවර මොකක්ද? මේ වතාවේ පනිෂර්ට උදව් කරන්නේ කවුද කියලාත් එහෙනම් බලාගන්න...



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කවිදු චාමිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.