Aambala (2015) සිංහල උපසිරැසි සමඟ.



නිවාඩු දවසේ හැමෝටම රසවිදින්න පුලුව්න විදියේ සුපිරි ෆිල්ම් එක් අරගෙන තමයි අද අපි ආවෙ, ෆිල්ම් එකේ හොද කොපියක් එන්න සෑහෙන්න කල් ගියානේ ඉතින් ගොඩක් දෙනෙක් බලන්න ආසාවෙන් හිටපු චිත්‍රපටයක් තමයි මේක, ඔන්න අපි පුලුවන් ඉක්මනට ඔයාලාට උපසිරැසිය ලබාදුන්නා, චිත්‍රපටය ගැන පොඩ්ඩක් බලනවනම් මෙය අධ්‍යක්ශණය කරලා තියෙන්නේ නළුවෙක් වගේම ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ශවරයෙක් වන Sundar C. විසින්, මොහු Aranmanai, Theeya Velai Seiyyanum Kumaru වගේ චිත්‍රපට වලට රංගනයෙන් දායක වෙලා තියෙනවා, මෙහි රංගනය වෙනුවෙන්, Poojai, naan sigappu manithan චිගේ චිත්‍රපටවලට රංගනයෙන් දායක වූ Vishal Krishna රංගනයෙන් දායක වී තිබෙනවා ප්‍රධාන නිළිය විදියට biriyani, maan karate වගේ චිත්‍රපට වෙනුවෙන් රංගනයෙන් දායක වුන Hansika Motwani රංගනයෙන් දායක වෙලා තියෙනවා, පසුගිය තෛපොන්ගල් දිනය වෙනුවෙන් තිරගතවීම ආරම්භ වුන මෙහි සමස්ථ ධාවන කාලය මිනිත්තු 164ක් ලෙස දැක්වෙනවා,

කතාව දිහාට හැරෙනවානම්, සර්වනන් (vishal) කියන්නේ, පොලිසියට බැදෙන්න සූදානමින් ඉන්න කෙනෙක්, මේ අතරේ මෙයාට ගෑනු ලමයෙක් හම්බවෙනවා ඒ තමයි මායා (Hansika) හන්සිකාට ට්‍රයි කරන තවත් කෙනෙක් ඉන්නවා ඒ තමයි රාජශේකර් (santhanam) මෙයා තමයි සරවනන්ගේ හොදම යාලුවා, හැබැයි මායා යාලු වෙන්නේ සරවනන් එක්ක, මේකට රාජශේකර් ගොඩක් තරහින් ඉන්නේ ඒ නිසා, මෙයා කරන්නේ සරවනන් එක්ක මායාගේ තියෙන සම්බන්දය කඩලා දාන එක, මේ දුකට සරවනන් කරන්නේ හොදටම බොන එක, මේ නිසා සරවනන්ගේ අම්මා එයාව තාත්තා ලඟට යවනවා, සරවනන්ගේ අම්මා තාත්තාගෙන් වෙන් වෙලා ඉන්නේ, තාත්තාට වෙන ගෑනු කෙනෙක් එක්ක තිබුන සම්බන්දයක් නිසා, හැබැයි සරවනන් තාත්තා ලඟට ගියාට පස්සෙ දැනගන්න ලැබනවා එයාට තියෙන්නේ එක සම්බන්දයක් නෙමෙයි කියලා, තාත්තා හොද මනමාලයෙක්, ඔන්න එතකොට දැනගන්න ලැබෙනවා, තාත්තාගෙ සහොදරියො තුන් දෙනෙක් ඉන්නවා, ඒ කියන්නේ සරවනන්ගේ නැන්දලා, මේ අය හැමෝම එකිනෙකා එක්ක තරහා වෙලා ඉන්නේ, සරවනන්ගේ තාත්තට ඕනෙ, කොහොමහරි පවුලේ අය එකට එකතු කරන එක ඒකට හේතුව, මේ නැන්දලාට ලස්සන දූවරු තුන් දෙනෙක් ඉන්නවා, එයාලට තමන්ගේ පුතාලාව බන්දන්න තමයි සරවනන්ගෙ තාත්තා සැලසුම් කරන්නේ, එහෙනම් ඉතින් කතාවෙ රසය නැති කරන්නේ නැතුව මම කතාව මෙතනින් නතර කරන්නම්, මුල ඉදන්ම කිසිම කම්මැලිකකමක් නැතුව හොදට හිනා වෙවි බලන්න පුලුවන් චිත්‍රපටයක් තමයි මේක, එහෙනම් නොවරදවා මේක නරඹන්න කියන ඉල්ලීමත් එක්ක අපි ගිහින් එන්නම්, රැදී සිටින්න දමිළ උපසිරැසි කලාවේ ප්‍රමුඛයා zoom.lk සමඟ, ජයවේවා!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.