Jack Ryan Shadow Recruit (2014) සිංහල උපසිරැසි සමඟ.



මේක මගේ පළමුවෙනි උපසිරැසි නිර්මාණය, ඒක නිසා මේකේ වැරදි ගොඩක් ඇති, මම ඒ ගැන ඔයාලාගෙන් සමාව ඉල්ලනවා. කොහොම වුනත් zoom.lk එකත් එක්ක වැඩ කරන්න ලැබීම සතුටක්........මේ චිත්‍රපටය ගැන කියනවා නම් මේක 2014 වර්ෂයේ තිරගත වෙච්ච එකක්. මේකේ ප්‍රවීන නළු නිළියන් කිහිප දෙනෙක්ම ඉන්නවා. Chris Pine, Keira Knightley වගේම Kevin Costner මේකට රංගනයෙන් දායක වෙනවා. ජැක් රයන් කියන්නේ මැරීන් භටයෙක්. ක්‍රියාන්විතයක් අතරතුර ඔහු ගුවන් අනතුරකට මුහුණ දෙනවා. එහිදී බරපතල තුවාල ලබන ජැක් රයන් පසුව ක්‍රමයෙන් සුවය ලබනවා. ඊට පස්සේ ජැක්ට නිළධාරියෙකු මාර්ගයෙන් මූල්‍ය විශ්ලේශකයෙක් විදියට රස්සවක් හම්බවෙනවා. මේ අතර රුසියානු ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන පුද්ගලයෙක් ඇමරිකානු ආර්ථිකය බිඳ දමන්න සැළසුම් කරනවා. මේක ජැක්ට අනාවරණය වෙනවා. මේක නවත්වන්න ජැක් රුසියාවට යනවා එහිදී තමයි ඔහුට කරදර ගොඩකට මුහුණ දෙන්න වෙන්නේ. ජැක්ට ඇමරිකානු ආර්ථිකය බේරගන්න පුළුවන් වෙයිද? මේක බලලම ඉන්නකෝ...මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 6.2 ක අරගෙන තියෙනවා. මේක Action, Thriller ගණයේ එකක්....ඒ නිසා කම්මැලි නැතිව බලන්න පුළුවන්...මෙමසිංහල උපසිරැසියේ ඇති වරදි අඩුපාඩු වලට නැවතත් ඔබ සැමගෙන් සමාව අයදින අතර, මෙම චිත්‍රපටය හා උපසිරැසිය පිළිබඳව ඔබේ අදහස් දක්වන මෙන් කරුණාවෙන් ඔබ සැමගෙන් ඉල්ල සිටිනවා...


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඩිනුර හසිත (DH MAX) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

1 comment:

Powered by Blogger.