Temper (2015) පන්නරය සිංහල උපසිරැසි සමඟ.



ඔන්න ටික දවසකට පස්සෙ සුපුරුදු විදියට තෙලුඟු චිත්‍රපටයක් අරන් එන්න තමයි මේ සූදානම, මේක ගොඩක් දෙනෙක් එනකම් මඟ බලන් හිටපු චිත්‍රපටයක්නේ, හිතුවත් වඩා කලින් මේකේ හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් වුනා, ඉතින් පුලුවන් ඉක්මනට මේක ඔයාලට අපි අරගෙන ආවා, චිත්‍රපටය දිහාට හැරෙනවානම් Heart Attack, Iddarammayilatho වගේ සුපිරි චිත්‍රපට අධ්‍යක්ශණය කරපු Puri Jagannadh මෙහි අධ්‍යක්ශණය සිදු කරලා තියෙනවා, මෙහි ප්‍රධාන නළුවා විදියට කවුරුත් දන්න Jr NTR රංගනයෙන් දායක වෙලා තියෙනවා, ඔහුගේ Baadshah, Rabhasa, වගේ චිත්‍රපටවලට අපි උපසිරැසි ලබාදිලා තියෙනවා, මෙහි ප්‍රධාන නිළිය විදියට Jilla, All in All Azhagu Raja වැනි චිත්‍රපට වෙනුවෙන් රංගනයෙන් දායක වුන සුරූපී නිළි කාජල් අග්‍රාවල් දායක වෙලා තියෙනවා, පෙබරවාවි 13 වෙනිදා තිරගතවීම ආරම්භ කරපු මෙහි සමස්ථ ධාවන කාලය විදියට මිනිත්තු 147ක් ලෙස සටහන් වෙනවා, මිලියන 352ක බරපැනකින් නිමවුන මෙහි සමස්ත ආදායම විදියට සටහන් වන්නේ මිලියන 431ක්, ඉතින් ෆිල්ම් එක සුපිරියි කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ,

කතාව දිහාට හැරෙනවානම් දයා කියන්නේ උසස් පොලිස් නිළධාරියෙක්, මෙයා හැබැයි හොද කෙනෙක් නෙමෙයි මෙයා හැමෝගෙන්ම අල්ලස් ගන්න දූශිත පොලිස් නිළධාරියෙක් විදියට ප්‍රකට වෙලා ඉන්නවා, මෙයාගෙ මේ ක්‍රියාකලාපය නිසාම මෙයාව විශාකපට්ටිනම් වලට මාරුවක් ලැබෙනවා, හැබැයි ඒ මාරුව පිටිපස්සේ ඉන්නේ විශාකපට්ටිනම් පාලනය කරන ජාවාරම්කාරයෙක් වෙන වාසු, ඒකට හේතුව දයා මාර්ගයෙන් වාසුගේ ජාවාරම් වැඩ හැම දේම කරදරයක් නැතුව කරගෙන යන එක, මේ අතරේ දයාට ගෑනු ලමයෙක් මුන ගැහෙනවා ඒ තමයි ශාන්වී, ශාන්වී මුඅන් ගැහෙන දවසෙ ඉදන් කතාව උඩු යටිකුරු වෙන්න ගන්නවා, වාසු ශාන්වීව පැහැරගන්න සැලසුම් කරනවා, ඇත්තටම ඒක පිටිප්ස්සෙ ලොකු කතාවක් තියෙනව, ඒ මොකද්ද කියලා චිත්‍රපටය නරඹලාම දැනගන්න පුලුවන්, එහෙනම් තවත් මේ වගේ උපසිරැසි ඔයාලට අරගෙන එන පොරොන්දුවත් එක්ක අපි ගිහින් එන්නම්, ජයවේවා!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.