මනිරත්නම්ගේ නවතම විශ්වීය ආදර කතාව OK Kanmani (2015) සිංහල උපසිරැසි සමගින්.



ගෝපාල රත්නම් සුබ්‍රමණියම් අයියර් මෙහෙම කිව්වාට කවුරුවත් දන්නෙ නැතුව ඇති ඒත් මනිරත්නම් කිව්වොත්නම් නොදන්න කෙනෙක් නැති තරම්, ඒකට හේතුව සිනමාවේ ඉන්න අධ්‍යක්ශකවරු අතලොස්සක් අතරින් මනිරත්නම් කියන්නෙත් වෙනස් විදියේ දේවල් නිර්මාණය කරන තවත් එක අධ්‍යක්ශවරයෙක්, ඉන්දියාවේ සොදුරු සිත්තම්කරුවා යන අන්වර්ථනාමයෙන් මොහු ලෝකප්‍රසිද්ද වෙන්න හේතුවත් ඒකම තමා, මෙයා බොහොම තෝරාබේරාගෙන චිත්‍රපට කරන කෙනෙක්, බොහොම කලාතුරකින් තමයි මනිරත්නම්ගේ අලුත් චිත්‍රපටයක් දකින්න වෙන්නේ, ඔන්න Kadal නැවතත් චිත්‍රපටයෙන් අවුරුදු 2කට පස්සෙ මනිරත්නම්ගේ චිත්‍රපටයක් නරබන්න අපිට අවස්තාවක් ලැබිලා තියෙනවා, හිතට වදින විදියේ නිර්මාණ කරන්න මොහු තරම් දක්ශයෙක් නැති තරම්, මනිරත්නම්නේ ආදර කතා හදුන්වන්නේ විශ්වීය මට්ටමේ ආදර කතා විදියට, මොහුගෙ අලුත්ම විශ්වීය ආදර කතාව Ok Kanmani තමයි අද මේ ඔයාලට ලබා දෙන්න සූදානම, අධ්‍යක්ශණය නිශපාදනය රචනය කියන තුනම මනිරත්නම් විසින් සිදු කරපු මෙය දවස් 90කින් රූගතකිරීම් අවසන් කරලා තියෙනවා, සිනමා රචනය සිදු කරලා තියෙන්නේ P. C. Sreeram විසින්, එහි විශේෂත්වයක් තියෙනවා ඒ තමයි 2000 වසරේ මේ දෙන්නා එකතුවෙලා නිර්මාණය කරපු Alaipayuthey චිත්‍රපටයෙන් පස්සෙ අවුරුදු 15කට පස්සෙ තමයි මේ දෙන්නා එකතුවෙලා නිර්මානයක් කරලා තියෙන්නේ, ඒවගේම මෙහි මනිරත්නම් එක්කම නම කියවෙන තව දෙන්නෙක් ඉන්නවා ඒ තමයි AR Rahman සහ වයිරමුත්තු, ඉතින් සුපුරුදු විදියටම මේ චිත්‍රපටයෙත් සංගීත අධ්‍යක්ශණය සිද්ද වෙලා තියෙන්නේ මේ අයගේ එකතුවෙන්, මෙහි ප්‍රධාන නළුවා විදියට මලයාලම් සිනමා නළු DulQuer Samlaan රංගනයෙන් දායක වෙලා තියෙනවා, ප්‍රධාන නිළිය විදියට Bangalore Days, S/O Satthyamurthi වගේ චිත්‍රපටවලින් ඔබ හමුවට ආ සුරූපී නිළි නිත්‍යා මෙනන් රංගනයෙන් දායක වෙලා තියෙනවා, සෙසු නළු නිළියන් විදියට Praksah raj, leela Samson රංගනයෙන් දායක වෙලා තියෙනවා, මෙහි ප්‍රධාන නිළියගේ චරිතයට මුලින්ම යෝජනා වෙලා තිබ්ලා තියෙන්නේ බොලිවුඩ් නිළි Alia Bhatt හට, අප්‍රේල් 17 වෙනිදා තිරගතවීම ආරම්භ කල මෙය ඉන්දීය රුපියල් මිලියන 60ක බරපැනක් යොදා නිර්මාණය කරලා තියෙනවා, බොක්ස් ඔෆිස් ආදායම් වාර්ථා තබමින් අති සාර්තක විදියට තිරගතවුන මෙය ඇමරිකාව තුල Kaththi, Yennei Arindhal, I චිත්‍රපට පරාද කරමින් ඕනෑම අවස්තාවක (All Time) වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපට ලැයිස්තුවට එක් වෙන්නත් සමත් වුනා,IMDB දර්ශකය තුල 7.9/10 වගේ ඉහල අගයක් ගන්නත් මෙය සමත්වෙලා තියෙනවා,

කතාව ගැන කියන්න ගියොත් එහෙම මේකේ සම්පූර්න රසව්න්දයම ලබාගන්න බැරිවෙයි, ඒක නිසා මම පුලුවන් තරම් කෙටියෙන් කතාව ගැන කියන්නම්, විවාහයට අකමැති අහම්බෙන් එකිනෙකා හමුවෙන නවින පරපුරේ ආදරවන්තයන් දෙන්නෙක්ගේ හරිම අපූරු කතාපුවතක් තමයි චිත්‍රපටය පුරා දිහ හැරෙන්නේ, වර්ථමානගේ විවාහයට පෙර Living Together සංකල්පය බොහොම අපූරුවට ඉදිරිපත් කරලා තියෙනවා, වර්තමාන ආදර කතා හැම එකකටම හැම අතකින්ම මේ තුලින් ගැලපීමට ලක් කරලා තියෙන, හරිම සුන්දර කතාවක් තමයි ඔයාලා හමුවේ මේ දිග හැරෙන්නේ, ආදර කතා වලට ප්‍රිය කරන නොකරන හැමෝටම බලන්න කියලා ඉහලින්ම නිර්දේශ කරන චිත්‍රපටයක්, ඒවගේම මගේ හොදම ආදර කතා චිත්‍රපට ලැයිස්තුවේ ඉහලින්ම තියෙන චිත්‍රපටයක් මේක, මේකෙ හොද ලස්සන සිංදු ටිකක් තියෙනවා, ඒ සිංදු ලස්සනට කරන්න පුලුවන් කෙනෙක්ට කියලා තමයි සිංදු ටික කරගත්තේ ඒ තමයි හිංදි විශාරද දර්ශන නිශාන්ත, ඉතින් ඒකටත් දරේට ස්තූති කරන ගමන් චිත්‍රපටය රසවිදින්න කියලා ඉල්ලීමක් කරනවා, ගොඩක් වැඩරාජකාරි මැද්දේ තමයි මේක කලේ, ඉස්සරහටත් වෙලාවක් තියෙන විදියට උපසිරැසි අරගෙන එන්නම්, ඉතින් අන්තිමටම කියන්න තියෙන්නේ 250කට ආසන්නව කරපු උපසිරැසි වලින් මෙච්චර කාලෙකට හරිම ආසාවෙන් කරපු උපසිරැසිය කියලා, ගිහින් එන්නම් ජයවේවා



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Direct Links මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන DVDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.