Rustom (2016) සිංහල උපසිරැසි සමඟින්




නවතම චිත්‍ර‍පටියකින් තමයි මුණ ගැහෙන්නේ. සබ් එක නම් ටිකක් පමා වුනා මොකද අන්තර්ජාලයේ දැනට තියන ටොරන්ට් පට වලට හරියටම නිසි ආකාරව ගැලපෙන ඉංග්‍රිසි උපසිරැසි ගොනුවන් අන්තර්ජාලයේ නැහැ.අනික හදිසි වෙලා බාගත්ත Mafiaking වගේ කොපි වලට තාමත් උපසිරැසියක් නැහැ. ඉතින් ටයිම් ලයින් වෙනස් කරමින් බොහෝ දුරට වැරැදි තැන් අසමින් කරපු සබ් එකක් තමයි මේක. ඉතින් පොඩි වෙලාවක් ගියා.... ඒ වගේම මං හැමදාම කියනවා මේක මමද කරන්නේ අහලා ඒ උපසිරැසිය දෙනකම් බලන් ඉන්න අයව අපහාසුතාවට පත්කරන්න ඕනි නැති නිසා හරියටම හදලා අරන් ආවා...

Tinu Suresh Desai විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය නිශ්පාද පිරිවැය දරන්නේ Neeraj Pandey විසින්. ඒ වගේම මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Akshay Kumar,Ileana D'Cruz,Esha Gupta රංඟනයෙන් දායක වෙනවා. මුළු ජාතියකම අවදානය යොමු වෙන මිනිමැරුමක් වටා තමයි කතාව ගෙතෙන්නේ. මැරෙන්න ධනවත් ව්‍යාපාරිකයෙක්. මරන්නේ ඉන්දියානු නාවික හමුදාවේ ඉහළම නිලධාරියෙක්. ලෝකයාට පෙන්නේ මේක කාන්තාවක් ගැවුනු අනියම් සම්බන්ධතා මිනිමැරුමක් වගේ. එත් ඇත්ත කතාව මොකක්ද? ඒක දැනගන්න මේ චිත්‍ර‍පටිය බලන්න වෙනවා. කතාව ලොකුවට විස්තරයක් කරන්න උවමනා වෙන එකක් නැහැ. මොකද අනිවාර්යෙන් මේ චිත්‍ර‍පටියේ පුර්ව ප්‍ර‍චාරක පටය නරඔපු කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේක බලන්න ආසාවෙන් ඉන්න ඇති. එහෙනම් චිත්‍ර‍පටිය බලන්න ආරාධනා කරන ගමන් සමුගන්නවා තවත් චිත්‍ර‍පටියක් සමඟ හමුවිමේ බලාපොරොත්තුවෙන්.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි සහ චිත්‍රපටය මෙතැනින් ලබාගන්න

No comments

Powered by Blogger.