District 9 (2009) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



2009 වසරේ නිකුත් වු විශිෂ්ට ගණයේ චිත්‍රපටයක් වන හා IMDB හි 8/10 අගයක් අරන් ලොව චිත්‍රපට අතුරින් 197 වන ස්ථානය දිනා ගැනිමට මෙම චිත්‍රපටිය සමත්වෙලා තියනවා.මුලින් කම්මැලි කතාවක් වගේ මෙය ඔබට හැගුනත් අවසානයේ ඉතා විශිෂ්ට සිනමා සිත්තමක් ලෙස ඔබ මෙම චිත්‍රපටිය හදුනාගනිවි.මෙහි කතා තේමාව වන්නේ දකුණු අප්‍රිකාවේ නගරයකට පිටසක්වල ජිවින්ගේ යානාවක් පැමිනෙනවා ඒ පැමිනෙන්නේ ලෝකය අල්ලන්න නම් නෙමෙයි.ඔවුන් ගේ යනාවේ අඩපන විමක් නිසා මේ යානාවේ විශාල පිටසක්වල ජිවින් සංඛ්‍යාවක් සිටිනවා පාලනය කරගත හැකි නොවන අයුරින්. ඉතින් මොවුන්ට රජය විසින් හදලා දෙනවා වෙනම ප්‍රදේශයක් එය හදුන්වන්නේ දිස්ත්‍රික් 9 ලෙසයි.අවුරුදු ගණනාවක් මොවුන් මේ ප්‍රදේශයේ සිටිනවා කාලයක් ගතවන විට එරට රජය විසින් මොවුන්ව වෙනත් දැනකට නෙරපිමට කටයුතු කරනවා.ඒ සදහා එක් නිලධාරින් පිරිසක් ඔවුන් සමග කතා කරිමට යනවා.ඒ යන එක් නිලධාරියෙකුට හිදිසියේ සිදුවන කරදරයක් නිසා විශාල කලබලයක් ඇති වෙනවා.ඒ කුමක්ද? පිටසක්වල ජවින් නැවතත් තමන්ගේ ග්‍රාහාලෝකය වෙත යාමට හැකිවෙයිද මේ සියලු ප්‍රශ්න විසදාගැනිමට නම් ඔබ මෙම චිත්‍රපටිය අනිවාර්යෙන් නැරඹිය යුතු වෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udith Perera විසිනි

No comments

Powered by Blogger.