Jurassic Park 3 [2001] සිංහල උපසිරැසි සමගින්


ආයුබෝවන්!

මේ මගේ 1 වෙනි උපසිරැසි නිර්මාණය. මේ චිත්‍රපටය 2001 වර්ෂයේදී තමයි තිරගත වුණේ. ටිකක් පරණ චිත්‍රපටයක් තෝරාගන්න හේතුව වුණේ මගේ උපසිරැසි ගැන්වීමේ වේගය අඩු නිසයි. ඔයාලා ජුරාසික් පාක් 1 සහ 2 වෙනි චිත්‍රපට බලලා තියෙනවා නම්, එම චිත්‍රපටවල ප්‍රධාන චරිතයට පණ පොවපු SAM NEILL තමයි මෙම චිත්‍රපටයේත් ප්‍රධාන චරිතයට පණ පොවන්නේ.

කතාව මේකයි. 

කර්බි යුවලගේ එකම පුතා ISLA SONAR දූපතට ඉහළින් පැරෂුටයකින් ගමන් ගන්නා අතර, හදිසියේදී පැරෂුටය දූපතට කඩා වැටෙනවා. තමන්ගේ අතරමං වුණු පුතා සොයා ගෙන ඩයිනෝසරයින් රජ කරන දූපතට යාමට කර්බි යුවල තීරණය කරනවා. ඒ ස‍ඳහා මගපෙන්වන්නෙක් ලෙස ආචාර්ය ඇලන් ග්‍රෑන්ට් (SAM NEILL) ඔවුන් සමඟ එකතු වෙනවා. දූපතේදී ඔවුන් මුහුණ දෙන ත්‍රාසජනක අත්දැකීම් තමයි චිත්‍රපටය පුරාවට විකාශනය වෙන්නේ.මුල සිට අග දක්වාම ත්‍රාසය, භීතිය සහ කුතුහලය ඇති කරවන මෙම චිත්‍රපටය එක දිගට නොනැවතී නරඹන්න පුළුවන් එකක්.

පැරණි චිත්‍රපටයක් වුණත් මෙම චිත්‍රපටය www.zoom.lk වෙබ් අඩවියේ පළකරන්න තෝරාගැනීම ගැන ADMIN සහෝදරයාට ස්තූතිවන්ත වෙනවා. උපසිරැසි ගැන්වීමේදී අක්ෂර දෝෂ අවම වෙන ආකාරයට වැඩේ කරන්න මම උත්සාහ ගත්තා. ඔබත් චිත්‍රපටය නරඹලා COMMENT පාරක් දාලා යයි කියලා හිතනවා.

නැවත තවත් චිත්‍රපටයක් සමඟින් හමුවෙමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රවීන් මහේෂ් විසිනි


No comments

Powered by Blogger.