Mr X (2015) සිංහල උපසිරැසි සමඟින්



අද විශේෂ දවසක්..ඒ ගැන මුලින්ම කියලා ෆිල්ම් එක ගැන කියන්නම් කෝ...වෙන චිත්‍රපටියක් කර කර ඉන්න ගමන් තමයි ඊයේ මේ චිත්‍රපටිය නිකුත් උනේ..ඇත්තටම මම මගේ 100 හින්දි කඩඉම පනින්න හිතුවේම මේ චිත්‍රපටියෙන්ම තමයි. ඉතින් සේරම වැඩ පැත්තක දාලා මේක උපසිරැසි ගන්වලා අරගෙන ආවා...ඉතින් මට මේක විශේෂ චිත්‍රපටියක් වෙනවා. මේක තමයි මම උපසිරැසි ගන්වන 100 වැනි හින්දි චිත්‍රපටිය. (අනෙක් අය එක්ක එකතුවෙලා දාපු සබ් එක්ක බැලුවොත් 105 විතර.) ඒ වගේම ලංකාවේ අන්තර්ජාලයේ මෙවැනි උපසිරැසි කඩඉමක් පසු කරන පලවෙනිම කෙනා.. ඒ ගැනත් පොඩි ආඩම්බරයක් තියනවා..

අද වෙද්දි මම ඒ කියන්නේ හින්දි චිත්‍රපටි 100ක් මම තනියම දාලා ඉවරයි. Singham චිත්‍රපටියෙන් ආරම්භකරපු ගමන් අවුරුදු 5ක් පුරාවට එක දිගට සබ් දාගෙන දාගෙන තමයි අද මේ කඩඉම පහු කරන්නේ. 2010 වසර කාලයේදි ගොඩක් අය හින්දි චිත්‍රපටිවලට උපසිරැසි දෙන්න හොරයි..මොකද ලයින් 2000කට ආසන්න ගානක් හැම චිත්‍රපටියේම එනවා. හැබැයි පොඩි කාලේ ඉදන් හින්දි පිස්සුවෙන් වගේ බලපු නිසා මේ ගාන ලොකු ගානක් උනේ නෑ. ඒ කාලේ ආව හින්දි හැමඑකම වගේ මට දෙන්න පුලුවන් උනා.ඔය අතරේ ඉංග්‍රිසි සබ් දාන්නත් උත්සහා කලා..පස්සේ මේකම හොදයි කියලා හිතිලා හින්දි වැඩේම දිගටම කරගෙන ගියා.. ඔහොම ඉද්දි තමයි Jism 2 චිත්‍රපටිය අසාලිවිමක් කරන්න කියලා දිනුෂ්ක උදාර මට කතා කරන්නේ. පලමු උත්සහා ලෙස ඒක කරාම තමයි මම දැනගත්තේ මට හින්දි අසාලිවිමක් කරන්න පුලුවන් තරම් හින්දි දැනුමකුත් මට තියනවා නේද කියලා. අද වෙනකොට එහෙම අසාලිවිම් කරලා දුන්න චිත්‍රපටි 4ක් පමණ තියනවා. ඒ අතරින් හොදටම මතක Ek Villain (2014)චිත්‍රපටිය. එකත් සුපුනා තාමයි මාව නිතරම කියලා කියලා ටයිම් ලයින් එහෙම හදලා දිලා සබ් එක දාන්න තල්ලු කලේ. ඒ වගේම මගේ ඉක්මනින්ම දුන්න හින්දි සබ් එක තමයි Cocktail (2012).ලයින් 2000කට ආසන්න ඒ චිත්‍රපටියට පැය 3යි විනාඩි 40ක පමණ කාලයක් තමයි සබ් එක කරන්න මට වෙලාව ගියේ. දැන් නම් වැඩ එක්ක ඒ තරම් වෙලා එක දිගට සබ් එකක් දාන්නවත් වෙලාවක් ලැබෙන්නේ නෑ. ඒ කාලේ වගේ නෙමෙයි දැන් හින්දි සබ් දෙන ගොඩක් අය ඉන්නවා. ඒක ඇත්තටම සතුටුයි. ලංකාවේ හින්දි බලන්නේ නෑ අපෝ හින්දි ජරාව කියන ගොඩක් අයත් ඇතුලින් හින්දි චිත්‍රපටි බනින්න හරි බලනවා. අදටත් ඉංග්‍රිසි චිත්‍රපටියකට වඩා හින්දි චිත්‍රපටියක් දුන්නාම ඒ සබ් එකට ලැබෙන ප්‍රතිචාර ටිකක් හරි වැඩි ඒකයි. මගේ සම්පුර්ණ සබ් වලින් ගත්තොත් මේ 141 වැනි සබ් එක. හැමෝම එක්ක එකතු වෙලා දාලා තියන සබ් එක්ක ගනන් කලාම සේරම හින්දි 105 පමණ උපසිරැසි ගන්වලා තියන නිසා මම දිපු සබ් වලින් 36යි ඉංග්‍රිසි හෝ දමිළ චිත්‍රපටි වෙලා තියෙන්නේ. කොහොම හරි මේ හින්දි කෙරුවාව නිසාම කට්ටිය හින්දි ප්‍රොෆේසර් කියලා නමකුත් පටබැන්දා. ඇත්තටම තමන්ම නමක් දාගන්නවාට වඩා හැමෝම එකතු වෙලා ඒ වගේ නමක් දාපු එක ගැන පොඩි ආඩම්බරයකුත් තියනවා.. ඒක තමයි මම උපය ගත්ත දේ... ඒ ගැන මට සතුටුයි.. තව පුලුවන් තරම් කාලයක් හින්දි චිත්‍රපටි ඔයාලා වෙනුවෙන් මමත් අරගෙන එන්න උත්සහා කරන්නම්. (සල්මන් අයියා හා ඉම්රාන් ගේ ෆිල්ම් කොහොමත් කලින්ම වෙන්කරලා තියෙන්නේ) හැමෝටම ස්තුතියි මගේ එක හින්දි ෆිල්ම් එකක් හරි බලලා තියනවා නම්. ඒ ගැන මට සතුටුයි.


අද අරගෙන ආවේ කවුරුත් ආසාවෙන් බලන් හිටපු මිස්ටර් එක්ස් චිත්‍රපටියයි. Emraan Hashmi හා Amyra Dastur ප්‍රධාන චරිත රඟපාන මේ චිත්‍රපටිය අපි කවුරුත් දන්න Vikram Bhatt ගේ නිර්මාණයක්. ඔහුගේ නිර්මාණ ගැන අමුතුවෙන් කියන්න උවමනා නැහැ කියලා දන්නවා නේ. රඟු කියන්නේ අවංක පොලිස් නිලධාරියෙක්...ඇයගේ පෙම්වතියත් එම පොලිසියේම සේවය කරන ශ්‍රියා නම් තරුණියයි. මේ දෙන්නාට විශේෂ මිෂන් එකක් ගැන බලන්න ලැබෙනවා. කවුරු හරි ඇමතිතුමාව ඝාතනය කරන්න හදනවා ඒ ගැන පරික්ෂණ පවත්වන්න කියලා. ඉතින් රඟුව යවනවා ඇමතිතුමා යන්න ඉන්න රැස්විමකට ආරක්ෂාවට. නමුත් එම උත්සවයේදි රඟුම ඇමතිතුමාව ඝාතනය කරනවා වෙඩි තියලා.එකත් හැමෝම ඉස්සරහා..රඟු මෙහෙම කරන්න හේතුව මොකක්ද? රඟු මේ නොපෙනන මිස්ටර් එක්ස් වෙන්නේ කොහොමද? ඒක දැනගන්න කතාව බලන්නම වෙනවා.. පොඩි දැකපු දෙයක් 3 AM (2014) චිත්‍රපටිය බැලුවා නම් මතකද අතහැරලා දාපු ෆැක්ටරි එක. ඒක රසායනික කම්හලක් විදියට නේ ඒකේ හැදින්වුයේ...අන්න ඒක ඇතුලේම මේ චිත්‍රපටියෙත් වැදගත්ම ජවනිකා කිහිපයක් යනවා...මේ චිත්‍රපටියෙත් ඒක රසායනික කම්හලක් විදියටමයි හදුන්වන්නේ. හැබැයි මේකේ එක පුපුරවලා දානවා ඔිං..



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන DVDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.