Tanu Weds Manu Returns (2015) සිංහල උපසිරැසි සමග



ඔන්න එහෙනම් තවත් හින්දි චිත්‍රපටියක් අරගෙන ආවා. මේකේ පලවෙනි චිත්‍රපටියත් මමනේ ඔයාලාට දුන්නේ ඉතින් දෙවැනි එකත් මමම දෙන්න හිතුවා. මේ චිත්‍රපටිය බලන්න කලින් අනිවා පලවෙනි එක බලලා නැත්නම් බලලා ඉන්න නැත්නම් කතාවේ මේලෝ දෙයක් හරියකට තේරෙන එකක් නෑ.ඒක නිසා පලවෙනි චිත්‍රපටිය මෙතැනින් ලබාගන්න..

සුපුරුදු පරිදි පලවෙනි චිත්‍රපටියේ හිටිය නළු නිලි කාණ්ඩයම සම්බන්ද වෙනවා මේකටත්.. පලවෙනි චිත්‍රපටිය තනූයි මනූයි කසාද බදින තැනින්නේ නවතින්නේ.ඒ දෙන්නාම කසාද බැදලා ලන්ඩන් වල පදිංචියට යනවා. දැන් එයාලා කසාද බැදලා අවුරුදු 4ක් ගෙවිලා. හැබැයි දෙන්නාට දෙන්නාගේ වලි නම් නිමක් නෑ. මේ රණ්ඩු නිසාම අන්තිමට මනූට නවතින්න වෙන්නේ ලන්ඩන් මානසික රෝහලේ. මනුගේ හොදම යාළුවා පප්පී ව මතකනේ. මිනිහා තමයි එයාව බේරගන්නේ එතැනින්. කොහොම හරි මනූ තරහින් ඉන්දියාවට එනවා. තනූ තමන්ට කරපු දේවල් වලට පලිගන්න කියලා හිතාගෙන තනුට විරුද්ධව නොතේසියක් යවනවා දික්කසාදේ වෙනුවෙන්. කොහොම උනත් මනූට තනූවමයි හැමවේලේම මතක් වෙන්නේ. දවසක් මනූ යනවා දිල්ලියේ කැම්පස් එකක දේශනයක් දෙන්න. එතකොට දකිනවා තනූ වගේම ඊට වැඩිය ටිකක් වයසින් අඩු ගැණු ළමයෙක්ව.. මනූට තනූ වගේ කෙනෙක් දැක්කා විතරයි පිස්සු හැදෙන්න ගන්නවා.. මනූ එයාගේ හොදම යාළුවා පප්පී එක්ක මේ කෙල්ල පස්සෙන් යනවා විස්තර හොයාගන්න.. එතැනින් එහාට කතාව ඔයාලාම බලලා දැනගන්නකෝ. පැය දෙකක් සතුට සිනහාව දුක වගේම ආදරය මුසු වුනු චිත්‍රපටියක් බලන්න හැකි වේවි.ලිපිය ගොඩක් දිගට ලියන්නේ නෑ.මෙකාද සබ් දාලාම අත රිදෙනවා. මේ සතියේ නම් ෆිල්ම් එක දිගට ආවා..පිකූ,මිස්ටර් එක්ස්..එතකොට මේක... මේ තුනේම ලයින් 5000කට වඩා තිබ්බා.ආයේ නම් ටික දවසක් යනකම් චිත්‍රපටියක් නාවොත් හොදා... එහෙනම් තවත් චිත්‍රපටියකින් හමුවෙනු තුරු හැමෝටම ජයවේවා!




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන DVDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.