Woh Lamhe (2006) සිංහල උපසිරැසි සමගින්

ඔන්න එහෙනම් තව ෆිල්ම් එකක් උස්සගෙන ආවා. මේක අපේ සූම් එකේ රසිකයන්ගේ ඉල්ලිමක් මතම දැමුනු උපසිරැසියක්. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Zeher,Awarapan,Raaz ,Murder 2,Aashiqui 2,Ek Villain වැනි චිත්‍රපටි ගෙන ආ මොහිත් සූරි විසින්. ඉතින් කතාව ගැන හිතාගන්න පුලුවන් නේ. කොහොමත් අවසානය ටිකක් දුකින් තමයි ඉවර වෙන්නේ. ඒක මොහිත් සූරි ගේ ෆිල්ම් වල අපිට දකින්න පුලුවන් දෙයක් නේ. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත ලෙස Kangana Ranaut,Shiney Ahuja හා Shaad Randhawa රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටියට පාධක වෙලා තියෙන්නේ හින්දි සිනමාවේ සැබැ නිලියෙකුගේ කතාවක්. 1970 දශකයේ ජනප්‍රියතාවයේ හිනිපෙත්තටම නැගුනු Parveen Babi ගේ චරිතය ඇසුරින් තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. ඒ වගේම අමුතුවෙන්ම චිත්‍රපටියේ සිංදු ගැන කියන්න උවමනා නැහැනේ. Kya Mujhe Pyar Hai සිංදුව අහලා නැති කෙනෙක් නම් ඉන්න බැහැ. ඒ සිංදුව තියෙන්නෙත් මේ ෆිල්ම් එකේම තමයි.
චිත්‍රපටියේ කතාව ගැන කියනවා නම් සනා අසීම් කියන්නේ ජනප්‍රිය චිත්‍රපටි නිලියක්. ඇයට මේ තැනට එන්න උදව් කරන්නේ නිකිල්. ඔහු අැයට මේ උදව්ව කලත් ඇය හම්බකරන හැම සතයක්ම වගේ පාවිච්චියට ගන්නේ ඒ වගේම ඇයගෙන් අයුතු ප්‍රයෝජන ගන්නෙත් නිකිල්ම තමයි. සනා අසිම් කොච්චර ජනප්‍රිය කෙනෙක් උනත් ඇයට මේ දේවල් වලට එරේහිව යන්න නම් හයියක් නැහැ.ඇය කරන්නේ මේ වගේ දේවල් ඉවසගෙන ජිවත්වෙන එක. මේ කාලය අතරතුර තමයි නවක චිත්‍රපටි අධ්‍යක්ෂකයෙක් වන අදිත්‍ය විසින් සනා අසිම්ට චෝදනාවක් කරලා පුවත් පතක සම්මුඛ සාකච්චාවක් දෙන්නේ.මේ සම්මුඛ සාකච්චාව දැකපු සනාට ගොඩක් කෙන්තියනවා. දිනක් පාටි එකකදි මේ දෙන්නා මුණට මුණ හම්බුනාම ලොකු ගැටුමකුත් යනවා. නමුත් පොඩි සිදුවිමක් නිසා නැවතත් සනා අසීම් යනවා මේ අධ්‍යක්ෂකයාව මුණ ගැහෙන්න. කතාව එතැනින් තමයි පටන්ගන්නේ. ආදර කතාවක් නිසා මං වැඩිය විස්තර කරන්න යන්නේ නෑ. මේක නිකම් ආශිකි 2 ෆිල්ම් එක කනපිට හරවලා හැදුවා වගේ තමයි. අරගෙන බලන්නකෝ. චිත්‍රපටියේ සීඩ්ස් නම් පොඩ්ඩ්ක අඩුයි. කැමැති නම් ඩිරෙක්ට් ලින්ක් අරගන්න. නැත්නම් ටොරන්ට් එක දාන්න. කොහොමත් ටික වෙලාවක් යද්දි ඩවුන්ලොඩ් වේව. එහෙනම් තවත් චිත්‍රපටියකින් හමුවෙමු.
*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි
සැ.යු:මෙහි
සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ
අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Leave a Comment