THE LUCKY ONE (2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ

ඔන්න ඉතිං මම පොරොන්දු වෙච්ච විදිහටම මගේ 15 වෙනි උපසිරැසි නිර්මාණයත් ඔයාලත් එක්ක බෙදා ගන්නයි යන්නේ. මේක මම ඉස්සෙල්ලා කියපු විදිහටම මේ අවුරුද්දේ තිරගත වෙන ලස්සනම ලස්සන ආදර කතාවක්.මේ චිත්‍රපටියේ කතාව පාදක කරගෙන තියෙන්නේ නවකතාවක්.ඒක ලියලා තියෙන්නේ මීට ඉස්සර අති සාර්ථකව තිරගත වෙච්ච නවකතා පාදක කරගෙන නිමැවුණු චිත්‍රපට කිහිපයකම කතා රචනා කල Nicholas Sparks විසිනුයි.ඔහු විසින් රචනා කල ප්‍රසිද්ධියට පත් උන Zoom.lk වෙතින් උපසිරැසි ලබාදුන් Note Book, A Walk To Remember වැනි ඉතා ලස්සන ආදර කතා රචනා කල රචකයා විසිනුයි. ඉතින් තවත් විස්තර කියනව නම් මේ චිත්‍රපටය IMDb Rating 6.1/10 ක් ලබාගෙන තියෙනවා.මේක ලස්සනම ලස්සන ආදර කතාවක්. ඒක නිසා හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. තවත් මෙවැනිම ජනප්‍රිය චිත්‍රපටයක් සමග හමුවෙමු. එතෙක් ඔබ සැමට “සතුටින් පිරි සති අන්තයක්“ !

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni විසිනි

No comments

Powered by Blogger.