Laal Rang (2016) සිංහල උපසිරැසි සමඟින්




හැමෝම හොදින් ඉන්නවා කියලා හිතනවා. ඔනන තවත් ලස්සන සලරුවක් අරගෙන ආවා. සමාවෙන්න ඔනා මෙක දෙන්න ප්‍රමාද උනාට. මේකෙ DVD කොපිය ඇවිල්ලා දැනට දවස් පහක් හයක් විතර වෙනවා. ලොක්කා මේක ආව දවසේම බාර දුන්නට වැඩ වැඩි උන නිසා ටිකක් පරක්කු උනා. කොහොම හරි මේ වැඩේ අහවරක් කරේ මලගෙයක් අස්සේ. මේක නමින් කිවුවොත් Laal Rang. 2016 (දුම්මල වර්ණය) අප්‍රේල් මස 26 දින ඉදලා ඉන්දියාව ඇතුලු රටවල් ගණනාවක සාර්ථක අන්දමින් තිරගත වුන චිත්‍රපටියක් තමා මේකත්. මෙකට IMBD දර්ශකයේ 8.2 ඉතා ඉහල අගයකුත් ලැබිලා තිනවා. මේක අධ්‍යක්ෂනය හා තිරපිටපත කියන දෙකම කරලා තියෙන්නේ Syed Ahmad Afzal ඔහුම තමයි Youngistaan 2014 චිත්‍ර‍පටියත් අධ්‍යක්ෂණය කලේ.

- Randeep Hooda - ශංකර්
- Akshay Oberoi - රාජේෂ්
- Piaa Bajpa - පූණම් මෙහි ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායකත්ව දක්වනවා.

අපිට ජිවිතේදි යාලුවෝ මුණ ගැහෙනවා. හොද නරක කියන දෙවර්ගයම. මේක සමාජයට පණිවිඩයක් දෙන චිත්‍රපටයක්. මේක ගැන කෙටියෙන්ම කිව්වොත් මෙකේ තේමාව වෙලා තින්නේ "ලේ". ලේ සොරුන් ගැන තමා කතාවේ විස්තර වෙන්නේ. ප්‍රධාන චරිත දෙකයි. ශංකර් සහ රාජේෂ්. රාජේෂ් කියන්නේ තරුණ වයසේ කෙනෙක් මෙයා රෝහල් ශේෂ්ත්‍ර‍ය සම්බන්දව පාඨමාලාවකට ඉල්ලුම් කරනවා. මේයා ඒ ගැන දැන ගන්න ඒ රෝහලේ වැඩකරන මාමාව හම්බෙන්න යනවා. කොහොමහරි මෙයා මාමාගේ මාර්ගයෙන් දැන ගන්නවා මේයා ඒකට තෝරගෙන කියලා. කොහොම හරි මෙතනට එනවා වංචාකාරයෙක්.ඒ තමා ශංකර් (ශංකර් කරන වංචාව බලලම දැනගන්න). ඔන්න ඔතනින් තමයි මේ දෙන්නා මුණ ගැහෙන්නේ. පස්සේ කොහොම හරි ශංකර්ගේ බයිසිකලෙන් රාජේෂ්වත් එක්කගෙන පොඩි රවුමක් යනවා. ඒ රාජේෂ් කැමතිම බයිසිකලයෙන්. ශංකර් කරන වැඩ ගැන රාජේෂ්ට කිසිම දෙයක් තේරෙන්නේ නෑ. ඊට පස්සේ ටික ටික රාජේෂ්ට තේරෙනවා ශංකර් කියන්නේ ලොකු ලේ ජාවාරම්කාරයෙක් කියලා, කොහොමින් කොහොමින් හරි රාජේෂුත් මේකේ හවුල්කාරයෙක් වෙනවා. ඔන්න ඔතනින් ඒහාට මම කියන්න යන්නේ නෑ. මොකද කිවුවොත් වැඩක් නැ. මිතුරන් මෙන් සහෝදරයන් දෙන්නෙක්ගේ කතාවක ඉතා සංවේදි අවසානයක් තමයි තියෙන්නේ. හින්දි ෆිල්ම් බලන අය නොබලා ඉන්න එපා අනිවාරෙන්ම බලන්න කියනවා. තව දෙයක් තමා මම මේක කරන්න බාර ගත්ත දවස්සේ දර්ශන ලොක්කා නොදන්න දේවල් මට ගොඩක් කියලා දුන්නා. ඒකටත් ලොක්කට ස්තුති වෙනවා එහෙනම් මම මෙතැනින් සමු ගන්නවා. ආපහු තවත් සබ් එකකින් මුණ ගැහෙන තුරු සමුගන්නවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

No comments

Powered by Blogger.