Bhaag Johnny (2015) සිංහල උපසිරැසි සමගින්

ඔන්න එහෙනම් 160 වන උපසිරැසි ගැන්වීමයි මගේ මේ විදියට අරන් එන්නේ. කාලේකින් බලන්න ලැබුන හොද වානිජ චිත්‍රපටියක් කියලා කියන්න ඕන. ඇක්ෂන් එහෙමත් අඩු නැතුවම ෆිල්ම් එක පුරාවටම ගෙතිලා තියනවා. ඒ වගේම කතාවත් ටිකක් වෙනස් එකක්. ප්‍රධාන චරිතය කරන Kunal Khemu නම් ඔබට අලුත් මුහුණක් නෙමෙයි. ප්‍රධාන නිලියන් තිදෙනා නම් සිනමාවට අලුත්ම අය. චිත්‍රපටියේ සිංදු ටිකත් ලස්සනටම තියෙනවා. එවාටත් උපසිරැසි ගන්වලා තියෙන්නේ. ඒ වගේම මේකේ බැනර් දැකලා එහෙම බය වෙන්න එපා. මේක පවුලේ සැමටම බලන්න පුලුවන් චිත්‍රපටියක් බව මතක් කරන්නම ඕනි.
චිත්‍රපටිය ගැන කියන්නම් කෝ ජොනි එහෙම නැත්නම් ජොනී අරෝරා කියන්නේ පෞද්ගලික ආයතනය වැඩ කරන කෙනෙක්. හැබැයි මොහු ඔෆිස් එකට වංචාවක් කරනවා. මේක ඔෆිස් එකේ බොස්ට අතටම අහුවෙනවා. ඔහු කරපු මේ වරද උසාවියේදි ඔප්පු උනොත් අනිවාර්යෙන්ම අවුරුදු දහයකටවත් හිරේ යන්න වෙනවා. මේ නිසාම ඔෆිස් එකේ බොස් මොහුට එක අවස්ථාවක් දෙනවා. ඇය කියන කාර්යක් කලොත් මේ සියළුම චෝදනා පොලිසියට නොකියන බවට පොරොන්දු වෙනවා. කොහොම හරි තමන්ගේ බොස් කියපු විදියට වැඩේ කරන්න ජොනී යනවා හෝටලයකට. මෙතැනදි කෙනෙක් ඔහුට උපදෙස් වගයක් දෙනවා කරන්න ඕන කාර්යය පිලිබදව. බලාගෙන යද්දි ඔහුට කරන්න වෙන්නේ හිනෙන් වත් නොහිතපු වැඩක්. මේ වෙලාවේ තමයි ඔහුගේ උදව්වට අරුම පුදුම කෙනෙක් එන්නේ. එතැනින් තමයි චිත්‍රපටිය හරියටම පටන් ගන්නේ. කතාව කිව්වොත් රසවත් නැති වෙනවා. අරගෙනම බලන්නකෝ.
*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි
සැ.යු:මෙහි
සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ
අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Leave a Comment