The Raid : Redemption (2011) සිංහල උපසිරැසි සමඟ



ලංකාවෙ ප්‍රථම වතාවට උපසිරැසි දෙකක් එකම දවසෙ නිකුත් කරන පළමු දවස අදයි.කොහොමද මේක ගැන හඳුන්වල දෙන්නේ මම. පසුගිය අවුරුදු 10 ඇතුලත් බිහිවූ හොඳම සටන් චිත්‍රපටය කියල මම මේ චිත්‍රපටය ගැන හැඳින්වීම කරන්නම්. එහෙම කියන්නේ මම විතරක් නෙමෙයි imdb හි 12,000 කට අසන්න පිරිසක් ජන්දය දී 8.2/10 ක අගයක් ලබාදී තිබෙන ප්‍රේක්ෂක පිරිසකි. එයින්ම ඔබට තේරෙනවා ඇති මෙය කොතරම් හොඳ චිත්‍රපටයක්ද කියලා. ඉන්දුනීසියාවෙන් බිහිවූ මෙම චිත්‍රපටය මම මෑත කාලීනව බලපු කිසිම චිත්‍රපටයක නොදැකු සටන් ජවනිකා අඩංගු වෙනවා. ඒ වගේම ඒවා කොතරම් තාත්විකද කියා කියනවනම් , මෑතකාලීනව බටහිර චිත්‍රපට කිසිවක මෙවැනි දර්ශන නොමැත කියල මට කියන්න පුළුවන්. මෑතකාලීනව හුඟක් ජනප්‍රිය චිත්‍රපට බිගිකරපු කණ්ඩායමක් තමයි මෙහි නිෂ්පාදනයට දායක වෙලා තියෙන්නේ. ඒ වගේම මෙහි දර්චන කොතරම් තාත්විකද කියා සහ ඒ චරිත වලට ඔවුන් කොතරම් දුරට සදරනයක් ඉටු කරලා තියෙනවද කියල ඔබම තීරණය කරන්න.
කතාව ගැන නම් මම වැඩි යමක කියන්නේ නෑ. ආදුනික පොලිස් කණ්ඩායමක් විසින් අරබන මෙහෙයුමක් තමයි මෙහි කතා මුලාශ්‍රය වෙන්නේ. එහිදී මෙම පොලිස් කණ්ඩායම ඉතා බිහිසුණු සහ ඇති දක්ෂ සතුරු පිරිසක් සමඟ තමයි ගැටීමට සිදුවෙන්නේ. චිත්‍රපටයට උපසිරැසි ගැන්වීම් කරන්න කියලා කියුව අපේ ඇඩ්මින් වන HEDZ වත් මතක් කරන ගමන් මෙයට ඉක්මනින් උපසිරැසි යෙදීමට හැකි වීම පිළිබඳවත් සතුටු වෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

5 comments:

  1. මේක නියම ෆිල්ම් එකක් .අපරාදේ මම බැලුව . හිතුවේ නෑ මේකට සබ් දෙයි කියලා.

    ReplyDelete
  2. මචං මං මේ සයිට් එකට දෙතුන් පාරක්ම ආවා.ඒත් මෙකෙන් ෆයිල් බාන්න කරදරයිනේ. එක ලින්ක් එහෙකින් තව එහෙකට යනවා..ආයේ තව එහෙකට යනවා..හරි කරදරයිනේ බං..එක පාර ගන්න පුළුවන් වෙන විදියට හදපංකෝ... අන්තිමට මොකක්ද එහෙකට ලොග් වෙන්නත් කිව්ව හින්දා මං මේක බාන්න හදලා දමලා ගහලා ආපහු ආවා. දැන් හිස් අතින් ආපහු යන්නේ..මෙයිට වඩා ලේසි විදියක් හදපං බං...

    ReplyDelete
  3. @මාරයාගේ හෝරාව; සමාවෙන්න සිදුවුන අපහසුතාවයට. ඇත්තටම මෙය අපේ බ්ලොග් ඒක පමණයි. උපසිරැසි සහ චිත්‍රපටයේ බාගත කිරීමේ සබැඳියන් පලකරලා තියෙන්නේ zoom.lk කියන අපේ ෆෝරම් එකෙයි. නමුත් ෆෝරම් සින්ඩිකේටර් තුලට ඇතුලත්කර නොගැනීමේ අපහසුතාව මත තමයි අපි බ්ලොග් එකක් ආරම්භ කර එයට සබැඳියන් එක් කර තියෙන්නේ. ඔබ zoom.lk තුලට ගොස් එහි සාමාජික භාවය ගන්න. එතකොට මෙහි පලකරන සබැඳියන්ගෙන්ම ඔබට කෙලින්ම බාගත කිරීම් කල හැකියි.
    http://www.zoom.lk/forums/register.php මෙන්න එම සබැඳියෙන් පහසුවෙන් සාමාජික බවය ලබාගන්න පුළුවන්.
    නැවත වතාවක් සුදුවන අපහසුතාවයට සමාව ඉල්ලනවා

    ReplyDelete

Powered by Blogger.