Cars 2 සිංහල උපසිරැසි සමගින්


 ඔන්න යාළුවනේ මම මගේ තුන්වන උපසිරැසියත් ගෙනාව.මේක නම් ‍ටිකක් වෙනස් මම දුන්නු උපසිරැසිත් එක්ක බලනකොට. මොකද මම මීට කලින් දුන්නෙ හොල්මන් චිත්‍රපට වල උපසිරැසි‍නේ.දැං දෙන්න යන්නෙ ඔයාල වඩාත් කැමති Cars 2 චිත්‍රපටයේ උපසිරැසි‍යයි.මේක ඇනිමේෂන් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ IMDb Rate එක 6.4 ක්.මේකෙ ඇනිමේෂන් නම් නියමයි. ආ..හ් මට කතාව කියන්න බැරි උනානෙ. පොඩ්ඩක් කියන්නම්. මෙන්න මෙහෙමයි, පුද්ගලයෙක්(වාහනයක හරිද) අළුත් වාහන තෙල් වර්ගයක් වෙළද පොළට හදුන්වල දෙනව.ඒ සදහා ඔව්න් රේස් එකක් නිර්මාණය කරනව, ඒකට අ‍ර රතුපාට කාර් එක (Lightning McQueen) සහ ඔහුගෙ යාළුවො යනව.පස්සෙ තරගය ආරම්භ වෙනව. ඒ උනත් ඒ මොහොතේ සිදුවෙන්නෙ තරගය පමණක් නෙවෙයි වෙන වෙන හොර ජාවාරම්. මේ කතාව පුරාවටම යන්නේ මේ ජාවාරම් සිද්ධි සහ තරග විතරයි.ගොඩක් වෙලාවට ප්‍රධාන නළුව Lightning McQueen වගේ පෙනුනත් ඇත්තටම ප්‍රධාන නළුව වෙන්නෙ Mater ඒ කියන්නෙ McQueen ගෙ හොදම යාළුව. එහෙනම් මේ හැමදෙයක්ම වෙනහැටි උපසිරැසිත් එක්කම බලල දැනගන්නකෝ.

No comments

Powered by Blogger.