Catch Me If You Can (2002) සිංහල උපසිරැසි සමගින්



මම මේක ලියන්න ගත්තට ටික දවසක් යද්දි තමයි වැඩේ තියෙන අමාරුකම තේරුනේ.ඒත් කොහොම හරි වැඩේ කලා. හෙව්වොත්නම් වැරදි ඕන තරම් හොයාගන්න පුලුවන් වෙයි.හැමදෙයක්ම ඉතින් සර්ව සම්පූර්ණ නෑනේ. කොහොමහරි ඉතින් මම වැඩේ කලානේ එක මට ලොකු සතුටක්.මේකෙ වැරදි අඩුපාඩු කොච්චර තිබුනත් කථාවෙ තේරුමට කිසිම හානියක් වෙලා නෑ කියලා මට සීයට සීයක් විශ්වාසයි.මට තාම සිංහල යුනිකෝඩ් එක අලුත්. එක නිසාම මම මේ හැම දෙයක්ම ලියන්නේ On Screen Keyboard එකෙන්.ඒක නිසාම වැඩේට ටිකක් කල්ගියා. ඒත් ඒක ලේසියි. අකුරු තියෙන තැන පේනවනේ. මේකෙ දෙබස් 2500කටත් වැඩියි. 
මෙච්චර මේ ෆිල්ම් එකේ මොනවා කථාකරනවද මන්දා. සින්දු කෑලි. අනවශ්‍ය වල්පල් වගේ ඒවා අයින් කරලා තමයි තියෙන්නේ.එහෙනම් ඔන්න මගේ පලවැනි උපසිරැසි නිර්මාණය බලලා අදහසක් එහෙම ඔය කී බොඩ් එක ඔබලා කොටලා යන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ..::SPARK::.. විසිනි

No comments

Powered by Blogger.