Big Hero 6 (2014) සිංහල උපසිරැසි සමඟ.



හැමෝටම සුබ දවසක්! ඔන්න අදත් ලස්සන ඇනිමේශන් චිත්‍රපටයක් අරගෙන ආවා.ඔන්න අද උදේ තමා මේ චිත්‍රපටය සඳහා හොඳ පිටපතක් නිකුත් වුනේ.චිත්‍රපටයේ නම දැක්ක සැණින් හැමෝම දන්නවා ඇති චිත්‍රපටය ගැන. චිත්‍රපටයේ නම Big Hero 6 (2014) මිනිත්තු 102 පුරා දිවෙන ඇනිමේශන්, ක්‍රියාදාම සහ වික්‍රමාන්විත යන වර්ගීකරණයට යටත්ව iMDB අගය 8.1 ඉහල අගයක් ලබාගෙන තියෙනවා. අධ්‍යක්ෂණයෙන් ඩොන් හෝල් සහ ක්‍රිස් විලියම්ස් ද, ජෝර්ඩන් රොබර්ට්ස්, ඩැනියෙල් ගර්සන් තිර රචනයෙන්ද දායකවෙලා තියෙනවා.ඔයාලට මතක ඇති "Frozen" සහ "Wreck-It Ralph චිත්‍රපට ගැන ගෙන ආ Walt Disney Animation Studios එක තමා මෙම චිත්‍රපටයටත් දායක වෙන්නෙ.

Scott Adsit - බේමැක්ස්
Ryan Potter - හීරෝ
Daniel Henney - ටඩාෂි
T.J. Miller - ෆ්රෙඩ්
Jamie Chung - ගෝගෝ
Damon Wayans - වසාබි
Genesis Rodriguez - හනී ලෙමන්
James Cromwell - රොබර්ට් කැල්හැන්
Alan Tudyk - ඇලෙස්ටයාර් ක්‍රෙයි, ලෙසත් හඩකැවිමෙන් දායක වෙනවා.


එහෙනම් චිත්‍රපටය ගැන පොඩ්ඩක් විස්තර කරන්නම්, සැන්ෆ්රැන්සිස්කෝ වල සහෝදරයින් දෙන්නෙක් ඉන්නවා. මල්ලි හීරෝ, අයියා ටඩාෂි. හීරෝගේ වැඩේ පාසල් යන්නෙ නැතිව රොබෝ සටන් වලට යන එක.ඔහු විසින්ම නිර්මාණය කෙරුව රෝබෝ කෙනෙක් වෙනත් රොබෝලා සමඟ සටනට දමා මුදල් උපයාගන්නවා.ඉතින් හීරෝගේ අයියා කැමති නෑ මොහු නීතිවිරෝධි වැඩ කරනවාට, එම නිසා ඔහු හීරෝව තමන්ගේ රොබෝලා හදන පාසලට එක්ක යනවා,මේ පාසලට ඇතුලත් වෙන්න එක එක විශේෂ නිර්මාණ ඉදිරිපත්කර, මහචාර්‍යවරයාගේ අවසරය ලබාගන්න ඕන, ඉතින් හීරෝට මෙම පාසලට ඇතුලත් විමට දැඩි ආශාවක් ඇතිවෙනවා, ඔහු කුඩා රොබෝලව යොදාගෙන වටිනා නිර්මාණයක් කරනවා, ඒක සල්ලි වලට මිලදි ගන්න පවා ඇතැම් අය ඉදිරිපත් වෙනවා. ඉතින් ඔහු නිර්මාණය ඉදිරිපත් කරාට පස්සේ එම ශාලාව ගිණ්නකින් විනාශ වෙලා යනවා.හීරෝ ඇතුළු අනිත් හැමෝගෙම නිර්මාණ විනාශවෙලා යනවා. ඒවගේම මේ ගිණ්නෙන් හීරෝගේ අයියත් මරණයට පත්වෙනවා.පසුව මේ ගිණ්න සිදු වූයේ කොහොමද , හීරෝගේ අයියා මැරුණේ කොහොමද කියලා දැනගන්න හීරෝට අවශ්‍ය වෙනවා.මේ සඳහා ඔහුට තව කීපදෙනෙක්ගෙන්ම උදව් ලැබෙනවා. මේ ගිණ්න ඇතිකලේ කවුද? ඒකට හේතුව මොකක්ද? කියලා දැනගන්න අවසානය දක්වා චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා.ජයවේවා!



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් (තාරක) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.