Mr and Mrs Smith (2005) සිංහල උපසිරැසි සමඟින්



මෙන්න මම ඔයාලට මගේ දෙවන සබ ගෙනාවා.. පළවෙනි එකට ගොඩාක් හොද ප්‍රතිචාර ලැබුනා... ඒකට හැමෝටම බොහොම ස්තූතියි..මේ ෆිල්ම් එක ගැන කියනවානම් මුලින්ම කියන්න ඕනේ මේක හැමෝම බලලා තිබිය යුතු ෆිල්ම් එකක් කියලායි... මොකද මේක මාර අමුතු ෆිල්ම් එකක්.මේකේ ඉන්න ජෝන් සහ එයාගේ බිරිඳ ජේන් රහස් පරීක්ශකයෝ.නමුත් දෙන්නාට දෙන්න ඒක දන්නේ නෑ.. ඒක නිසා මාර ගැටුම් තමා ඇති වෙන්නේ.. අන්තිමට මෙයාලා දෙන්නා සේවය කරන සමාගම් දෙකෙන්ම මේ දෙන්නාට අනිකා මරන්න කොන්ත්‍රාතු දෙනවා... මේ සියල්ල මැඩ පවත්වාගෙන මේ දෙන්නා සමගි වෙන හැටි මේ ෆිල්ම් එකෙන් බලන්න පුලුවන්..

මේක පිට උනේ 2005දී.. ඒත් තාම ජනප්‍රියයි.. මේකේ ජෝන් සහ ජේන් අදුරන් නැති zoom මෙම්බර් කෙනෙක් ඉන්න බෑ... ඒ බ්‍රැඩ් පීට් සහ ඇන්ජලීනා ජොලි.. අධ්‍යක්ශනය සයිමන් ලිමන් ගෙන්.. මේකට IMDB එකේ 6.4 ක අගයක් තියනවා.. බලලාම ඉන්නකෝ..






No comments

Powered by Blogger.