අල්ලු අර්ජුන්ගේ නවතම චිත්‍රපටය Son of satyamurthy (2015) සිංහල උපසිරැසි සමඟ,



කට්ටිය ආසාවෙන් බලන් හිටපු තෙලිගු චිත්‍රපටියක් තමයි අද ඔයාලට ගෙනත් තියෙන්නේ. හැමෝම ආසවෙන් හිටපු මේ චිත්‍රපටියේ හොද කොපි එකක් අන්තර්ජාලයට එනකම් හිටපු නිසා මේක දෙන්න ටිකක් කල් ගියා. මොකද හොද කොපි එකක් බලන්න තියෙනවානම් හොදයිනේ. 2015 වර්ශයේ නිකුත් වෙන මේ චිත්‍රපටිය ගැන ඔයාලට පොඩි විස්තරයක් කියන්නම්

2015 අප්‍රේල් 9 වන දින ප්‍රථම තිරගත කිරීම ආරම්භ කරන මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂනය සහ කතාව යන දෙකම සිදු කරන්නේ Trivikram Srinivas විසින් ඒ වගේම නිශ්පාදනය කරන්නේ S. Radha Krishna විසින්. රංගනය වෙනුවෙන් සුපිරි නලු නිලියන් කිහිප දෙනකේම සහභාගී වෙනවා. ප්‍රධාන චරිත වෙනුවෙන් Allu Arjun, Samantha Ruth Prabhu, යන දෙදෙනාත් අනිත් ප්‍රධාන චරිත වෙනුවෙන් Prakash Raj,Brahmanandam,Rajendra Prasad,Upendra,Sneha,Adah Sharma,Nithya Menen යන අය සමභාගී වෙනවා. ප්‍රදාන නලුවා සහ නිලිය රංගනය දක්වපු චිත්‍රපටි කිහිපයක්ම අපි කලින් දීල තියෙන නිසා ඒව ගැනත් ටිකක් මතක් කරන්නම් ඒ අතරින් Race Gurram, Yevadu, Iddarammayilatho, Brindavanam, Anjaan, Rabhasa වගේ චිත්‍රපටි ගනනාවක්ම තියෙනවා. ඉතින් මේ අයගෙන් හැඩ උන මේ චිත්‍රපටිය ඉන්දියානු රුපියල් මිලියන 400-500ත් අතර මුදල් වියදම් කරලා තියෙනවා. ඒවගේම් මේ වනවිට බොක්ස් ඔෆිස් ආදයම උපයලා තියෙනවා දින 8ක් තුලදී මිලියන 427.4 තව චිත්‍රපටිය සඳහා IMDB Rating තියෙනවා 7.5ක්. එහෙනම් චිත්‍රපටිය තුල යන කතාව ගැනත් ටිකක් කියන්නම්

අල්ලු අර්ජුන් එහෙමත් නැත්නම් ආනන්ද් විදිහට ඉන්න අපේ නලුව කියන්නේ සුපිරි සල්ලි කාරයෙක්ගේ පුතෙක්. හැබැයි තාත්ත කොච්චර සල්ලි හෙවුවත් සල්ලි වලට කිසිම අසාවක් එයාගෙ නෑ. එයා කැමති මිනිස්සු හම්බ කරන්න. ඉතින් ඒ අයි වෙනුවෙන් තාත්තත් හැම විදිහකම උදව්කරනවා. දවසක් හදිස්සයේම ආනන්ද්ගේ තාත්ත කාර් අනතුරකින් නැති වෙනවා. ඉතිනින් පස්සේ තාත්ත ව්‍යාපාර වෙනුවෙන් අරන් තිබ්බ නය ගෙවන්න ආනන්ද්ට සේරම දේවල් තාත්තගෙ යාලුවෙක්ට දෙන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි මෙයා මේ වෙද්දී කසාද ගිවිසගෙන හිටියේ ඒකත් සල්ලි නැති උනාට පස්සේ නැතිව යනවා. එයලාත් ඒ ගිවිස ගැනීම අවලංගු කරලා යනවා. පස්සේ එයා පවුලේ අයත් එක්ක වෙන කුලී ගෙයකට යන්න යනවා. ආනන්ද් රකියාවක් වෙනුවෙන් තමන්ගේ යාලුවෙක් ගාවට ගිය වෙලාවක එයා රැකියාවක් විදිහට කසාද උත්සය ලෑස්ති කරන කෙනෙක් විදිහට කසාදයකට යනවා. එහෙ ගියාම හම්බ වෙන කිහිප දෙනෙක් නිසා මෙයාගෙ ජීවිතය යන දිශාට ටිකක් වෙනස් වෙනවා. ඒ කොහොමද කියලා ඔයාල අරගෙනම බලන්න.

එහෙනම් මම අදට සමු ගන්නවා. හැමෝටම සුබ දවසක්. අදහසක් දාල තියන්නකෝ සබ් එක කොහොමද කියලා.

ලබා දි ඇති පිටපත් ස්ක්‍රිනර් පිටපතක් වෙන අතර එහි රුපරාමු මෙතැනින් 1 2බලාගන්න ...DVD පිටපතක් ආ සැනින් යාවත් කාලින කරනු ඇත.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.