The Divide (2011) සිංහල උපසිරැසි සමගින්


මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ Hitman (2007) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කෙරූ Xavier Gens විසිනි.මෙම චිත්‍රපටියේ ප්‍රධාන නිළියගේ චරිතයට පණපොවන්නේ A Walk to Remember චිත්‍රපටියේ බෙලින්ඩාගේ චරිතයට පණපෙවූ Lauren German විසිනි.මේකේ කථාව ගැන කියනවනම් කිසියම් අනතුරු ඇගවීමකින් තොරව න්‍යෂ්ටික බෝම්බවලින් නිව්යෝර්ක් නගරයට ප්‍රහාර එල්ලවෙනවා.ගොඩනැගිලක පදිංචි වෙලා ඉන්න කට්ටියකට ගොඩනැගිල්ලේ යටමහලට පලා යාමට සිදුවෙනවා..ඔවුන් ඒකේ හිරවෙන අතර එළියේ සිදුවන කිසිම දෙයක් ගැන ඔවුන්ට දැනගැනීමට හැකිවෙන්නේ නෑ.ඔවුන්ගේ වාසනාවකට වගේ එම ගොඩනැගිල් නඩත්තු කරන මිකී (Michael Biehn) නමැත්තෙකු ඔවුන්ට මුණගැහෙනවා.කථාවේ ඊලගට වෙන්න මොනවද කියලා අරන්ම බලන්නකෝ.ඔවුන්ට මෙම ගොඩනැගිල්ලෙන් නොනැසී පිටවෙන්න හැකිවෙයිද? තවත් හොද චිත්‍රපටියක් අරන් එනකම් ඔබට සුභ දවසක්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Naveen විසිනි

No comments

Powered by Blogger.