Rahasya (2015) සිංහල උපසිරැසි සමඟ,



තම ස්වාමි දියණියගේ උදෑසන තේක රැගෙන ඇයගේ කාමරයට යන සේවිකාවට දැකගැනීමට ලැබෙන්නේ තම ස්වාමි දියණියව ඇයගේ ඇඳ මතම මරා දමා ඇති අයුරුයි. ඇයගේ මව සහ පියා යන දෙදෙනාම වෛද්‍යවරුන්ය, පොලිසිය පැමිණ සියලු සාක්ෂි විමර්ශනය කිරීමෙන් අනතුරව ඇයගේ පියා වන දොස්තර සචින් මහජන්ව තමන්ගේම දියණියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරයි.නමුත් ටික දිනක් ගත වන විට මෙම මිනීමැරුමට අදාළ සාක්ෂිකරුවන් එකිනෙකා මිය යෑමට පටන් ගනී.මෙම ඝාතන සිදු කරන්නේ කවරෙක්ද? සැබැවින්ම තාත්ත කෙනෙක්ට තමන්ගේම දුවව ඝාතනය කල හැකිද? මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්න නම් ඔයාලට මේ ෆිලුම බලන්නම වෙනවා.8.1 වැනි ඉතාමත් හොඳ IMDB අගයක් ලබා ගෙන තිබෙන මේ හින්දි සිනමාපටය අයත් වෙන්නේ Mystery,Thriller ඝනයට රංගනයෙන් දායක වෙන්නේ Qissa,Taare zameen par,වැනි චිත්‍රපට වලට රංගනයෙන් දායක උන Tisca Chopra ඒ වගේම pokari,varudu,anegan,වැනි චිත්‍රපට වලට රංගනයෙන් දායක උන ashish vidyarthi අෆ්ෆටසිලි තව ටිකෙන් අමතක වෙනවා මේ මගේ පනස් වෙනි උපසිරැසි නිර්මාණය. පනහ කිව්වට ඉතින් හරියටම පනහ නෙවෙයි පනස් දෙක තුන වගේ එත් මේක මගේ නිල පනස් වෙනි උපසිරසිය විදියට මේ විදියට ප්‍රකාශයට පත් කරන්න හිතුවා.

ඉතින් මගේ මේ උපසිරැසි නිර්මාණය කිරීමේ ගමන ගැන පොඩි අතීතාවර්ජනයක් කරනවා නම් මම මුලින්ම Zoom.lk වෙබ් අඩවිය සමග සම්බන්ධ වෙන්නේ 2012 අවුරුද්දේ එත් මගේ උපසිරැසි නිර්මාණයක් මුලින්ම පළවෙන්නේ 2014 අවුරුද්දේ මාර්තු මාසේ තුන්වෙනිදා ඒ 10 Things I hate about you කියන චිත්‍රපටයත් එක්ක ඇත්තටම පළමු චිත්‍රපටයට උපසිරැසි නිර්මාණය කරනකොට උපසිරැසි 50 ක් 100 ක් නිර්මාණය කරන්න ඕන වගේ ලොකු ලොකු අදහස් තිබ්බේ නැහැ මට ඕන වෙලා තිබුනේ මගේ ළඟ තිබුණ හුඟක් ලස්සන එත් කිසිම සිංහල උපසිරසියක් නිර්මාණය වෙලා තිබුනේ නැති චිත්‍රපට කිහිපයක් ඔයාලා එක්ක බෙදා ගන්න විතරයි.එත් උපසිරැසි දෙක තුනක් නිර්මාණය කරාට පස්සේ අපේ ඇඩ්මින් අයියා මට චිත්‍රපට කිහිපයක් ලබා දුන්න පුලුවන් නම් කරලා දෙන්න කියලා එහෙම තමයි මේ ගමනේ ආරම්භය සිද්ධ උනේ ඇඩ්මින් අයියම තමයි අපේ සුපුන් අයියවත් මට අඳුන්වලා දුන්නේ ඇත්තටම මේ ඩබල තමයි මගේ මේ උපසිරැසි ගමන පිටිපස්සේ ඉන්නේ මල්ලි අරක කරමු මේක කරමු කියලා කොහොමහරි ඩබලත් එක්ක මාව 50 කඩඉමටම අරගෙන ආවා උපසිරැසි 50 නිර්මාණය කරන්න මට අවුරුද්දක් වගේ කාලයක් ගත උනා මොකද ගිය අවුරුද්දේ තමයි මගේ උසස් පෙළ විභාගය තිබුනේ ඒක නිසා එතරම්ම වේගයකින් උපසිරැසි නිර්මාණයක් කරන්න හැකි උනේ
නැහැ.කොහොම උනත් ඇත්තටම බොහොම ස්තුතියි අයියේ ඔයාලා දෙන්නට උපසිරසියක් නිර්මාණය කරාම අපට මුල්‍යමය වටිනාකමක් නැති උනත් අපේ ඉංග්‍රීසි දැනුම පුළුල් කරගන්න සමාජයේ අයගෙන් පැසසුම් ලබන්න වගේ දේවල් අපට ලැබුණා ඒ වගේම ගල් මුලුත් නොලැබුනාම නෙවෙයි.ඒ හැම අවස්තාවකදීම මාත් එක්ක හිටියේ අර ඉහත කියපු ඩබලම තමයි.ඒ වගේම මට වචනයකින් හරි සප් එක දුන්න අපේ උපසිරැසි කණ්ඩායමේ සහෝදර සහෝදරියන්වත් මතක කරන්න ඕන.නම් වශයෙන්ම කියන්නම් නමක් දෙකක් මගහැරුනොත් තරහා වෙන්න එපාලා ඇ.ගයාන් අයියා,ප්‍රමෝද් අයියා,චම්පික අයිය,නිසල්,අනුෂි, කවිඳු ,තාරක අයියා,ඩිලාන් අයියා. ඒ වගේම මගේ හැම උපසිරැසි නිර්මාණයකටම වගේ අදහස් දක්වන අමිල සහෝ ඇතුළු අපේ Zoom වෙබ් අඩවියේ සාමාජිකයෝ හැමෝටමත් මගේ ස්තුතිය පුද කරනවා.ඒ වගේම මගේ පවුලේ අයටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන මොකද එයාලා නැත්නම් මේ කිසිම දෙයක් කරගන්න ලැබෙන්නේ නැහැ.එහෙනම් මම මේ අරගෙන ආපු පට්ට චිත්‍රපටය රසවිඳින්න.හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියන ගමන් මම යන්නයි හදන්නේ තවත් උපසිරසියකින් හමුවෙමු.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.