The Vow (2012) සිංහල උපසිරැසි සමගින්



ඔන්න ඉතිං පොරොන්දු වෙච්ච විදිහටම මගේ නමවෙනි උපසිරැසියෙත් වැඩ ඉවර කලා. මෙදාපාර මම අරගෙන ආවේ ආදරණීය කතා තේමාවක් තියෙන සත්‍ය කතාවක් පදනම් කරගෙන මෙම වර්ෂයේ පෙබරවාරි 10 ප්‍රදර්ශනය ආරම්භ කරපු IMDB Rating 6.6/10 ලබාගෙන තියෙන ජනප්‍රිය චිත්‍රපටියක්. මේකේ BRRip කොපිය නිකුත් වෙලා දැනට සතියකට කිට්ටුයි. මම සබ් එක හදල තිබ්බ R5Line කොපියේ දෙබස් ගොඩක් අඩුවයි තිබුණේ. ඉතිං ඒකයි ටිකක් වැඩේට ප්‍රමාද උනේ. කට්ටියගෙන්ම ඒකට සමාව ඉල්ලනවා.සදාකාලිකව ම තමන්ගේ සහකාරියත් සමග ආදරයෙන් ගත කරන්න බලාපොරොත්තු වෙන සියළු දෙනාටම මෙම චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරනවා.

චිත්‍රපටිය ගැන විස්තර කරනවනම් විවාහ වෙලා ඉන්න කපල් එකක් ඔවුන්ගේ කාර් එකේ යනකොට අනතුරකට ලක් වෙනවා. එතනදී විවාහක බිරිඳට සිහිය ලැබුණයින් පස්සේ තමන් ගත කරපු කසාද ජීවිතය පිළිබඳ මතකයන් අමතක වෙනවා. මේක නිසා ඇයගේ සැමියා දැඩි අපහසුතාවයකට ලක් වෙනවා. එතැන් පටන් ඔහු තමාගේ බිරිඳට තමන් සමග ගතකරපු ඒ ජීවිතේ මතක් කරල දෙන්න දැඩි උත්සහයක නිරත වෙනවා.ආ තව පොඩ්ඩෙන් මුළු කතාවම කියනවා. ඉදිරියට සිද්ධවෙන්නේ මොකක්ද කියලා ෆිල්ම් එක බාගෙනම බලන්නකෝ. චිත්‍රපටියේ ප්‍රධාන චරිතයන් දෙකට පණපොවනChanning Tatum සහ Rachel McAdams ඉතා විශිෂ්ඨ රංගනයක නිරත වෙනවා. චිත්‍රපටිය අධ්‍යක‍ෂණය කරල තියෙන්නේ Michael Sucsy විසිනුයි ඔහුගැන තොරතුරු මෙතනින් බලාගන්න පුළුවන්. ආ තව දෙයක් මගේ 10 වෙනි උපසිරැසි නිර්මාණයෙත් මෙහි ප්‍රධාන නළුවා ඉන්නවා. ඒක 2011 නිර්මාණය වෙච්ච මැක්සම මැක්සා ඇක්ශන් ෆිල්ම් එකක්. පුළුවන් නම් කස්ටිය ගෙස්ට් කරන්නකෝ මොකක්ද ෆිල්ම් එක කියලා. හැමෝටම ලැබුවා වූ සිංහල අළුත් අවුරුද්ද සිංහල උපසිරැසි සහිත නවතම චිත්‍රපටි Zoom.lk හරහා වැඩි වැඩියෙන් බලන්නට ලැඛෙන නිදුක් නිරෝගී සෞභාග්‍යමත් නව වසරක් වේවායි පතමි. කැමති නම් කමෙන්ටුවකුත් කොටාගෙන යන්න කියල ඉල්ලනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni විසිනි

No comments

Powered by Blogger.