127 HOURS(2010) සිංහල උපසිරැසි සමගින්



චිත්‍රපටය දැනට ගොඩක් අය බලලා ඇති.එත් නොබලපු හා බලන්න කැමති අය වෙනුවෙන් මම උපසිරැසි ගන්වලා රැගෙන ආවා.චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කිව්වොත් මේ චිත්‍රපටය 2003 දි සිදුවු සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වුවක්. Aron Ralston කියන්නේ ටිකක් ක්‍රියාදාම වැඩ කරන්න කැමති කෙනෙක් කදු නගින වැඩ එහෙම.2003 වසරේ Aron Ralston යනවා ඌටා කඳුකරයේ සංචාරයක්.නමුත් ඒ ගමනේද මොහු ජිවිතේ නොසිතු විරු ලොකු ගැටලුවකට මුණ දෙන්න වෙනවා.හදිසි අනතුරකින් මොහුගේ අතට ගලක් වැටෙනවා.එසේ මෙසේ ගලක් නෙමෙයි සැහෙන්න බර ගලක්.මේක නිසා ඔහු ගල් දෙබොක්කාවක හිර වෙනවා. මෙහෙම හිර වෙලා දවස් පහක් ගතවෙනවා.මොහුට මොහුගේ පවුලේ අය ජිවිතේ ගත කරපු හැටි මතකෙට එනවා.නමුත් ඔහු වැටිලා ඉන්න උගුලෙන් ඔහුට ගැලවිමක් නැතිවෙනවා.මොහු ඉන්පසු කුමක් කරයිද?ඔබ ඒ ටික චිත්‍රපටය නරඹලාම දැනගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉමංෂු අනූපම විසිනි

No comments

Powered by Blogger.