The Longest Ride (2015) සිංහල උපසිරැසි සමඟ.



ප්‍රවින රචකයෙකු වන Nicholas Sparks විසින් රචනා කරන ලද තවත් චිත්‍රපටියක් අරන් එන්නයි මේ සුදානම මේ චිත්‍රපටිය අපි කවුරුත් බලලා තියන Safe Haven (2013),The Notebook (2004) හා මම ලඟදි දුන්න The Best of Me (2014) නිර්මාණය කරපු අයගේම නිර්මාණයක්.

මේ චිත්‍රපටියේ ආදර කතා දෙකක් තියනවා එකක් සෝෆියා හා ලූක් ගේ.. අනික අයීරා හා රූත් ගේ. මගේ හිතට අල්ලලා ගියේ නම් අයීරා හා රූත් ගේ කතාව... සොෆියාගේ චරිතයට Britt Robertson පණපොවන අතර (සුපුනා කිව්ව විදියට ටින් වුල්ෆ් එකේ ස්ටයිල්ස් ගේ හැබැම පෙම්වතිය) ලූක් ගේ චරිතයට Scott Eastwood රඟදක්වනවා. ඒ වගේම අයීරා හා රූත් ගේ චරිත Jack Huston හා Oona Chaplin රඟදක්වනවා.


කතාව ගැන කියනවා සෝෆියා කියන්නේ කොලෙජ් එකක් ඉගෙන ගන්න ගැණු ළමයෙක්. ඇයගේ යාළුවා දිනක් ඇයව ගොන්පොරයක් බැලිමට අරගෙන යනවා. මේ ගොන්පොර පදින තරඟකරුවෙක් තමයි ලූක් කියන්නේ. ලුක්ට කෙල්ලෝ මැරෙන්න හදනවා... නමුත් අහම්බෙන් වගේ සෝෆියාට ලුක්ව හම්බවෙනවා. දෙන්නා ගේ ආදරේ පටන් ගන්නේ තොප්පියකින් ...කොහොම හරි මේ දෙන්නා ටික දවසකින් ආදරය කරන්න ගන්නවා. දෙන්නා එහෙම ගමනක් යද්දි ඔවුන් දකිනවා වාහනයක් අනතුරකට පත්වෙලා තියෙනවා දකිනවා... අනතුරට පත්වෙලා ඉන්න වාහනේ ඉන්නේ වයසක සීයා කෙනෙක්. මේ දෙන්නා ඔහුව බේරගන්නවා. මේ බේරගත්ත වයසක පුද්ගලයා පැමිණි වාහනේ තියනවා පෙට්ටියක් සොෆියාට හමුවෙනවා. ඒ පෙට්ටිය පුරවලා තියෙන්නේ ලියුම් ගොඩකින්...සෝෆියා මේ ලියුම් එකින් එක කියවන්න ගන්නවා. ඒ ලියුම් වල තමයි ලස්සන ආදර කතාවක සුලමුල තියෙන්නේ....

කොහොම හරි මේ චිත්‍රපටියේ සාරංශය මෙහෙමයි.....

ආදරය කරද්දි අපිට අනික් කෙනා වෙනුවෙන් කැපකිරිම් කරන්න වෙනවා. ඒ කැපකිරිම කරන්න පුලුවන් බොහොම සුළුදෙනාටයි. ගොඩක් අය මුලින්ම මම ඔයාට මගේ ජිවිතේටත් වඩා ආදරෙයි ,ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්නම් කිව්වාට පස්සේ කාලයත් එක්ක වෙනස් වෙනවා. නමුත් සියල්ල ආදරය වෙනුවෙන් කැප කරන ආදරවන්තයන් ආදරවන්තියන් ලෝකයේ නැතුවම නොවෙයි. ඔබට ඉන්නේ එවැනි ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් නම් ඇයව හෝ ඔහුව කවදාවත් නැති කරගන්න එපා. මොකද ඇය හෝ ඔහු එක්ක ඔබට ජිවිතේ දිර්ඝ ගමනක් යා හැකි නිසා.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.