Haywire (2011) සිංහල උපසිරැසි සමගින්



ඔන්න ඉතිං පොරොන්දු වෙච්ච විදිහටම මගේ ඊගාව උපසිරැසි නිර්මානයත් අරගෙන ආවා. මෙදාපාරත් මම තෝරගත්තෙ ඇක්ශන් ෆිල්ම් එකක්. හැබැයි මේක ඇක්ශන් කිවුවට ටිකක් විතර වෙනස් තේමාවක් ගත්ත නෑ නෑ හොඳටම වෙනස් තේමාවක් ඔස්සේ ගලාගෙන යන කතාවක් ඇතුලත් ෆිල්ම් එකක්. 
මේ කතාවේ එන මෙලොරි කියන්නේ (Gina Carano) ඇමරිකානු රජය වෙනුවෙන් වැඩ කරන පුද්ගලික ආයතනයක් වෙනුවෙන් වැඩ කරන කාන්තාවක්. ඇය සහ තවත් පිරිසක් ලවා ඔවුන්ග් යම් යම් රහස් වැඩකටයුතු සිදුකර ගන්නා අතර කෙසේ හෝ මෙම වැඩ කටයුතු කර ගන්නා අතරේ මෙලොරිව ඝාතනය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. මෙම සැලැස්මට අනුව අවසානයේදී සිදුවන්නේ කුමක්ද කියා දැන ගැනීමට ෆිල්ම් එක බාගෙන බලන්න කියලා හැහමා්ටම ආරාධනා කරනවා. මෙම චිත්‍රපටය තිරගත වූ පළවෙනි සතියේම ඇමරිකානු ඩොලර් 8,425,370 ක් උපයගෙන තියෙනවා. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Steven Soderbergh විසිනුයි.ඉතින් මගේ ඊගාව උපසිරැසි නිර්මාණය වන The Avengers සමග නැවත හමුවෙමු. 
මේක ගැන මොනව හරි අදහසක් දාගෙනම යන්න කියමින් එහෙනම් හැමෝටම ජයවේවා!!!!


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni විසිනි


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

3 comments:

  1. දැන් මේකේ ෆල්ම් එක බාන්නේ කොයින්ද?

    ReplyDelete
  2. අසහන කාරයෝ බොරු බොරු නම් වලින් කමෙන්ට් කරන එක නවත්වා ගන්නයි මේ ෆෝරම් එකේ රෙජිස්ටර් වෙන විදියේ වැඩ පිළිවෙලක් සකසලා තියෙන්නේ. රෙජිස්ටර් වෙලා ඩවුන්ලෝඩ් කරන්න.

    ReplyDelete
  3. බැරිද මෙතනම ඩවුන්ලොඩ් ටොරන්ට් ලින්කුවත් දාන්න?

    ReplyDelete

Powered by Blogger.