Man on a Ledge (2012) සිංහල උපසිරැසි සමගින්



මගේ ප්‍රියතම නළුවෙක් රගන චිත්‍රපටයක් තමයි අද මම අරගෙන ආවේ.කථාව ගැන කියනවනම් මේකේ ප්‍රධාන නළුවා තමයි Sam Worthington.ඔහු රංගනයෙන් දායක වුණු චිත්‍රපට ගැන කියනවනම් Wrath of the Titans,Clash of the Titans,Terminator Salvation,Avatar,Texas Killing Fields etc.. සුප්‍රසිද්ධ Avatar ‍ෆිල්ම් එකේ ඔහුගේ රංගනය කොහොමද කියලා ඔයාලා දන්නවා ඇතිනේ. මෑන්හැටන්වල හෝටලයක ඉහල මහලේ ගැටියකින් පුද්ගලයෙකු බිමට පැනීමට තැත්කරයි.එය දකින ගැහැණියකගේ කෑගැසීමක් හේතුවෙන් නිව්යෝර්ක් පොලීසිය එතනට වාර්ථා කරනවා.මෙතන සිදුවන්නට යන්නේ කුමක්ද? ඔහු ඇත්තටම ගැටියෙන් බිමට පනීවිද? පොලීසයට මෙය විසදීමය හැකිවේවිද?අවසානය තෙක් කුතුහලය ‍රැදුණු පවුලේ සියල්ලටම එකට රසවිදිය හැකි චිත්‍රපටයකි. මේක දෙන්න මෙච්චර ප්‍රමාද වීම ගැන මුලින්ම කට්ටියගෙන් සමාව ඉල්ලනවා.මේ දවස් වල තිබූ කාර්යබහුලත්වය හේතුවෙන් බ්ලූරේ පිටපතට ලයින් ටික කොපි කරගන්න අවස්ථාවක් ලැබුණෙම නෑ.කවුරුත් හදුනන අපේ පනිෂර් යාළුවා මේ ලයින් කොපි කරන වැඩේට මට උදව් වුණා.එහෙම හැමෝගෙම උදව් අරන් මම ඕන්න වැඩේ ඉවර කලා. Jason Statham රඟන චිත්‍රපටයක් සමග යළිත් හමුවෙමු. ඔබට සුභ දවසක්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Naveen විසිනි.


No comments

Powered by Blogger.