The Woman In Black (2012) සිංහල උපසිරැසි සමගින්


Harry Potter චිත්‍රපට මාලාවේ "හැරී" ලෙස රංගනයේ යෙදී ඉමහත් ජනප්‍රියතත්වයක් පත්වූ "Daniel Radcliffe" විසින් Arthur ලෙස ප්‍රධාන චරිතයට පණපොවන මෙම වසර තුල දැනට නිකුත්වුනු හොල්මන් සහ අත්භූත චිත්‍රපට වලින් හොඳ චිත්‍රපටය ලෙස හඳුන්වා දිය හැකි චිත්‍රපටයක් මෙය. සම්ප්‍රධායික හොල්මන් චිත්‍රපට කලාවෙන් බැහැරවූ මෙය ලස්සන කතාවක් සහ පවුලේ සැමට එකට නැරබිය හැකි සිනමා නිර්මාණයක්. Arthur හට ඔහු ගේ රැකියාවේ කාර්යක් ලෙස පාළු ගෙයක් විකිනීමට බාර වෙනවා. ඒ සඳහා ලන්ඩන් නුවරින් ඈත තියෙන ගමකට ගොස් එම නිවාස තුල ඇතිවෙන එක්තරා සිද්දි මාලාවක් නිසා එම ගම තුල කුඩා ළමුන් මිය යෑමට පටන් ගන්නවා. මේ අතරම ඔහුගේ පුතාවත් කලින් සැලසුම් කර තිබු ලෙස මෙම ගමටම නිවාඩුවට රැගෙන එනවා. නමුත් මෙම ළමුන් මිය යන තත්වය තුල Arthur ගේ ළමයත් මෙම මිය යාමේ තර්ජනයට ඇතුළු වෙයිද ? මේ සෑම දේකටම Arthur වගකිව යුතුද ?
මෙහි ඉතා භය සංකා ඇතිවෙන දර්ශන අඩංගුයි. නමුත් සෑම දර්ශනයක්ම හොඳින් බලන්න. ඒ සෑම දර්ශනයක් තුලම කතාවක් අඩංගුයි. විශේෂයෙන්ම "Daniel Radcliffe" විසින් පියෙකුගේ චරිතයක් රඟ දැක්වුවත් ඔහු ඒ සඳහා
හොඳ සාධාරණයක් කර තිබෙන බව කිව යුතුයි. පැයකුත් විනාඩි තිහක් තුල ධාවනය වන මෙම චිත්‍රපටය ඔබ බැලිය යුතුම නිර්මාණයක් කියුවාට වරදක් නෑ. එම කාල පරාසය තුලදී ඔබව පැරණි බ්‍රිතාන්‍ය ශිෂ්ටාචාරය වෙත රැගෙන යයි.
එමෙන්ම මෙය මගේ 15 වැනි උපසිරසි ගැන්වීම වගේම ඔබෙන් වටිනා අදහස් බලපොරෝතුවෙමි.
තවත් උපසිරැසි ඇතුලත් චිත්‍රපටයකින් හමු වෙමු.
direct links තුලින් බාගත කිරීම් කරන අය JumboFiles තුල රෙජිස්ටර් වී, එම ලින්ක් තුලින් බාගත කිරීම් කරන්න.
මන්ද එය resumable සඳහා සහාය දක්වනවා. හැකි අය මෙය මුණු පොතෙන් (facebook) ෂෙයා කරන මෙන් ඉල්ලනවා.
මෙය අප පලකරනු ලැබු 100 වැනි උපසිරැසිය වන අතර මෙතෙක් අප පල කෙරු උපසිරැසි 100 ගැන සම්පුර්ණ විස්තරයක් දැන ගැනිමට මෙතනින් පිවිසෙන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි.


No comments

Powered by Blogger.