Enakkul Oruvan (2015) සිංහල උපසිරැසි සමඟ.



හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියන් ගමන් අවුරුද්ද දවසේ රසවිදින්න අපි අද අරගෙන ආවෙ සුපිරිම ත්‍රිලර් දමිළ චිත්‍රපටයක්, දමිළ සිනමාවෙ මෑත් කාලේ ආපු සුපිරිම ෆිල්ම් කීපයක් තමයි Soodhu Kavvum, Sarabham, Pizza, Pizza 2: The Villa, Thegidi වගේ ෆිල්ම්, මේ ෆිල්ම් නම් ඔයාලත් අනිවාර්යෙන්ම නරඹලා ඇති, ඉතින් අද අපි ඔයාලට දෙන්න යන්නේ මේ චිත්‍රපටවල නිශ්පාශකවරයාගේ අලුත්ම චිත්‍රපටය, ඉතින් මේකත් සුපිරිම එකක් තමා, IMDB එකේ මේකේ අගය විදියට 8.2ක අගයක් සටහන් වෙනවා, විකී කියන්නේ (Sidhdharth) සිනමා ශාලාවක වැඩ කරන ගැමි තරූණයෙක්, මෙයාට ලොකු ප්‍රශ්නයක් තියෙනවා, ඒ තමයි නින්ද යන්නේ නැති ලෙඩේ, දවසක් නාදුනන කෙනෙක් විකිගේ නින්ද යන්නේ නැති ලෙඩේට බෙහෙතක් දෙනවා, ඒ බෙහෙතේ නම ලුසියා, ලුසියා වලින් නම් විකීට හොදට නින්ද යනවා, ඉතින් මේ විදියට නින්ද ගියාම මෙයාට හීන පේනවා ඒ හීන වල විකී කියන්නේ ගොඩක් ජනප්‍රිය නළුවෙක්, ඒ නළුවගෙ නම තමයි විග්නේශ්, මේ හීන වල වගේම, විකීගේ ඇත්ත ජිවිතේත් පෙන්නුම් කරන කෙනෙක් ඉන්නවා ඒ තමයි දිව්‍යා (Deepa Sannidhi) ඇත්තම මෙතන සිද්ද වෙන්නේ වෙනම කතාවක්, මම මේ කියපු කතාව විකීට මතක් වෙන්නේ එයාව මෝහනය කලාට පස්සෙ, කතාව ටිකක් විතර කරකවලා ඇතෑරියා වගේ තියෙයි, චිත්‍රපටයේ ව්ස්තර දිහාට හැරෙනවානම් මෙහි රංගනය වෙනුවෙන් jigarthanda, boys වගේ චිත්‍රපට වලට රංගනයෙන් දායක වුන Siddharth රංගනයෙන් දායක වෙලා තියෙනවා, සෙසු නළු නිළියන් විදියට Deepa Sannidhi, Aadukalam Naren, Srushti Dange වගේ නළු නිළි රැසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා, මේ වගේ සුපිරි ෆිල්ම් එකක් මඟහැරගන්න එපා කියන ඉල්ළිමත් එක්ක අපි ගිහින් එන්නම්, ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.