Rowdy Rathore (2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ


ඔන්න මගේ පස්වැනි නිර්මාණයත් අරන් මං ආවා.. ඇත්තටම මේක අපේ HEDZ උපසි‍රැසි ගන්වන්න කියලා මට දුන්නු චිත්‍රපටියක්, අපේ යාලුවෙක් මේකෙ මුල් ලයින් 500 ට උපසි‍රැසි දාලා තිබුනේ, ඇත්තටම මං තාමත් දන්නෙ නෑ ඒ යාලුවා කවුද කියලා.. ඉතින් මට තිබුනේ අවසාන ලයින් 1000 ට කරන්න.. මේක තමයි මං ඉක්මනින්ම කරපු සබ් එක.. ඉතින් මේ චිත්‍රපටිය ගැන කියනව නම් අවුරුදු හතකට පස්සෙ ආව ආක්ශේ කුමාර්ගෙ ඇක්ශන් චිත්‍රපටියක්.. මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ සන්ජය ලීලා බන්සාලි.. ඒ වගේම අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ දකුණු ඉන්දීය සුපිරි නලු ප්‍රභූ දේවා විසින්... මේක IMDb හි 6.2 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා... ඒ වගේම කියන්න ඕන මේක 2006 තිරගත වූ Vikramarkudu කියන තෙලිගු චිත්‍රපටියේ remake එකක්.. ඒ වගේම 2011 දි මේකෙ දෙමල චිත්‍රපටියකුත් තිරගත උනා Siruthai යන නමින්.. මම චිත්‍රපටියෙ කතාව ගැන මුකුත් කියන්න යන්නේ නෑ මොකද මේක කාලෙකින් ආව අක්ශේගෙ සුපිරි ඇක්ශන් චිත්‍රපටියක් කියන්න හැමෝම දන්නවනෙ.. එහෙනම් හැමෝටම බලන්න කියලා ආරාධනා කරන ගමන්ම චිත්‍රපටියෙ හොද නරක කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා...ඔයාලගේ රසවින්දනයට හානියක් වෙන්න අපි ඉඩනොතියන නිසා චිත්‍රපටියේ අඩංගු සියලු හින්දි ගීත සිංහල උපසිරැසි ගන්වලා තියන බවත් මතක් කරන්න ඕන.ඉතින් එහෙනම් මේකෙ මුල් ටිකට සබ් කරපු අපේ යාලුවවත් මතක් කරන ගමන්ම අපේ HEDZ සහෝදරයා හැමවිටම ලබා දෙන සහයෝගයට ගොඩක් ස්තූතියි කියන ගමන්ම, තවත් චිත්‍රපටියක් සමග නැවත ඉක්මනට හමුවෙමු.. එහෙනම් zoom එකට වගේම ඔයාලා හැමෝටමත් ජයෙන් ජය!!!!!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ A.A.S.D.මධුවන්ත සහ චමීර අබේසිංහ(CJA) විසිනි

No comments

Powered by Blogger.