Blood Diamond (2006) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



මේ මම ප්‍රථමයෙන්ම මේ අඩවිටය ලබා දෙන සිංහල උපසිරුසියයි.ඇත්තටම මෙය ලොව මෙතෙක් බිහිවෙච්ච විශිෂ්ටතම සිනමා නිර්මාණයක්. ඉතින් මේ නිර්මාණය ඔබේ සිනමා රසවින්දනය ඉහල තලයකට රැගෙනයාවි කියලත් මම විශ්වාස කරනවා.ඇත්තටම මම මෙතෙක් බලා තියෙන චිත්‍රපටි අතුරින් නරඹපු ඉතා සංවේදීම හා සුවිශේෂී ගනයේ නිර්මාණයක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්. අනික් අතට මෙහි රංගනයෙන් දායක වෙන්නෙ මගේ ප්‍රියතම රංගන ශිල්පියා වෙන ලියනාඩෝ ඩිකැප්‍රියෝ සමගින් අතිදක්ෂ රංගන ශිල්පීන් සමූහයකුයි. ඒවගේම මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නේ The Last Samurai කියන සුවිශේෂී චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන Edward Zwick විසිනුයි. එ වගේම කියන්න ඕනේ මෙය සත්‍ය කතාවක් පාදක කරගනිමින් තැනුණු චිත්‍රපටයක්.

කතාව ගැන කියනවනම් මේක පසුබිම් වෙලා තියෙන්නේ සියෙරා ලියෝන් කියන දකුණු අප්‍රිකාවෙ දියමන්ති ආකරවලට ප්‍රසිද්ධියක් උසුලන රටේ සිවිල් යුධ සමයයි. මේ කතාව දිගහැරෙන්නේ දකුණු අප්‍රිකානු කුලී භටයෙක් සහ ධීවරයෙක් අතරයි. මේ ධීවරයා ජීවත්වන ගම්මානයට එල්ලවන හදිසි ත්‍රස්ත ප්‍රහාරයත් සමග ඔහුව ත්‍රස්ත ග්‍රහණයට නතු වෙනවා. ඉතින් ඔහුට තමන්ගෙ දරුවන්ට සහ බිරිදට මොකද වුනේ කියලවත් ඉන්පස්සෙ දැනගන්න ලැබෙන්නැහැ. ඇත්තමට මේ අතරෙ වන සිදුවීම් දාමයන් අතර ඔහුට තම ජීවිතය වෙනස් කල හැකි අන්දමේ යමක් මුන ගැසෙනවා. නමුත් මෙය ඔහුට පහසුවෙන් අත්පත් කරගන්න හැකිවේද? මෙය අත්පත් කරගැනීමට වෙර දරන්නේ ඔහු පමණමද? ඔහුට තම දරුවන් සහ බිරිද නැවත දැකගන්නට ලැබේවිද? එතකොට කවුද මේ දකුණු අප්‍රිකානුවා? ඉතින් මේ සියල්ලටම පිළිතුරු සොයාගන්න වෙන්නෙ ඕගොල්ලො මේ කතාව නැරඹුවායින් පස්සෙ. අනික් දේ තමයි මේ කතාවෙ ගොඩක් දේවල් මග හැරල බොහොම සුළුවෙන් තමයි මම මේ හැදින්වීම ඕගොල්ලන්ට ඉදිරිපත් කලේ. මොකද නැත්නම් මේක සම්පූර්ණයෙන්ම රසවිදින්න ඕගොල්ලනට නොහැකි වෙන නිසා. අනික් දේ තමයි මේ කතාව තුල දුක, සතුට,ආදරය,වෛරය, කුහකත්වය, පළිගැනීම වගේ විවිධ සිතුවිලි වල සම්මිශ්‍රණයක් ගැබ් වෙලා තියෙනවා. ඒවගේම මෙහි පසුබිම් සංගීතයත් ඒ හැගීම් ඔප්නංවන්න ලබා දෙන්නේ ලොකු දායකත්වයක්. ඉතින් ඔස්කාර් සම්මාන ඇතුලු තවත් සම්මාන රාශියකින් පිදුම් ලබපු සහ IMDB දර්ශකයේ 8.0ක් වැනි ඉහල අගයක් ලබා ඇති මේ විශිෂ්ට සිනමා සිත්තම කලකට ඔබේ මතකයේ රැදෙනු ඇති බව නොඅනුමානයි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Iujazz විසිනි.

No comments

Powered by Blogger.