Mirror Mirror (2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



මම හිතන්නේ මාසගානකට පස්සේ උපසිරැසි දාන්න පටන් ගත්තා.මුල කාලේ නම් එකපිට එක උපසිරැසි දුන්නත් කාර්ය්‍යබහුලතාවය නිසා එකක් දෙන්න බැරි උනා.ඔන්න ආපහු මම වැඩට ආවා.මේ මගේ 20වෙනි උපසිරැසි ගැන්විම.ස්නෝවයිට් නැත්නම් හිමකුමාරිගෙ කතාව අහපු නැති කෙනෙක් ඉන්නවද? නැහැනෙ..කැඩපත කැඩපත (mirror mirror) කිව්වම හැමෝම හිතුවත් මේ නම් සුපුරුදු හිම කුමාරිගෙ කතාව කියල, මේ කතාව බලල අවසන් වෙනකොට ඔබට තරමක වෙනසක් දැනේවි.සුරංගනා කතාවක් පාදක කරගෙන නිර්මාණය වුනු මේ කතාව සුරංහනා කතාව බොහෝ තැන්වලදී වෙනස් කර ප්‍රේක්ශකයින්ට නවතම අත්දැකීමක් ගේන්න සමත්වෙලා තියෙනවා.මං මේකට උපසිරැසි යොදන්න කල්පනා කලෙත් ඒකයි. හැමදාම අපි බලන ක්‍රියාදාම, ආදර කතා, සජීවීකරණ, හා හාස්‍ය සියල්ල එකටම ගැබ්වෙලා තියෙන කතාවක් කියල මේක හඳුන්වන්න මං කැමතියි.

කතාව මෙහෙමයි, එකමත් එක කාලෙක ස්නො වයිට් කියල පොඩි ගෑණු ලමයෙක් ඉන්නවා නපුරු රැජිනක් එක්ක.රැජින කණ්නාඩිය ලඟට ගිහින් ඇහුවම කවුද ලෝකෙන්ම ලස්සනම කියල කණ්ණාඩිය කියනවා ස්නෝ වයිට් කියල..(දැන් හිතෙනවනෙ අපො මේකමද කියල?) මේක නෙමෙයි කතාව. බලන්න පටන් ගත්තම තේරෙයි සුරංගනා ලෝකෙ පවා කොච්චර අද වෙනස්වලාද කියල.. එහෙනම් ඉතිං අරගෙන බලන්නකො. ලේ පිරිසිදු කරගන්න හිතන කෙනෙක් ඉන්නවානම් මේක හුඟාක්ම ඒ අයට අනුමත කරන්න කැමතියි.මේ උපසිරැසි එක උපසිරැසි ගන්වන්න උදාර (රොකියා) උදව් කලා.එයාටත් බොහෝම ස්තුතියි.ඒ වගේම මේ චිත්‍රපටිය ගැන වගේම උපසිරැසි ගැනත් අදහසක් දක්වලා යන්න අමතක කරන්න එපා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ *maheshi* විසිනි

No comments

Powered by Blogger.