My Girl and I (2005) සිංහල උපශ්‍රීර්ෂ සමඟ


මගේ පස්වෙනි උපසිරැසි නිර්මාණය අරන් තමයි අද මම ආවේ.මිට කලින් දුන්න ෆිල්ම් 4ම ඉංග්‍රිසි එවා නිසා හිතුනා වෙනත් භාෂාවක චිත්‍රපටියකට උපසිරැසි දෙන්න.ඉස්සර මම උනත් බැලුවේ ඉංග්‍රිසි හා හින්දි චිත්‍රපට විතරයි.එත් zoom එකේ අපේ කට්ටය වෙන භාෂාවල චිත්‍රපටිවලටත් උපසිරැසි දෙන නිසා මමත් වෙනත් භාෂා වල චිත්‍රපටි බලන්න පෙළඹුනා.මේක නම් මම ටිකක් කල් බලලා.උපසිරැසි ගන්වන්න අදහසක් තිබුනේ නෑ.එත් ලගදි ආපහු බලන්න උන නිසා හිතුවා මේකට උපසිරැසි දෙන්න.මේකට මම දැක්කා කට්ටිය උපසිරැසි ඉල්ලලා පවා තිබුනා.ඒ නිසා ඕන්න මම සබ් දාලා දෙන්න හිතුවා. මේක IMDB හි 7.1 වර්ගිකරණයක් ලබා තියනවා.කතාවේ නමින්ම තේරේනවනේ මේක ආදරකතාවක් බව.සු -එයුන් හා සූ - හෝ කියන්නේ එකම පාසලේ ඉගෙන ගන්න දෙන්නෙක්.මේ දෙන්නා පාසලේදි පෙම් සබධතාවයක් ඇතිකරගන්නවා.හුගක් ආදරෙන් දෙන්නා ඉන්නවා.නමුත් ඒ ආදරේන් ඒ දෙන්නට වැඩි කල් ඉන්න ලැබෙන්නේ නම් නෑ.මොකද සූ - එයුන් සූ හෝ ව සදා සදහටම මේ ලෝකෙන් සමුගන්නවා.මම මුලු කතාවම කිව්වා කියලා හිතන්න එපා.මොකද චිත්‍රපටිය පටන් ගන්නෙම සු -එයුන් නැතිවිම ගැන සදහන් කරලමයි.මෙච්චර ආදරයෙන් හිටිය මේ දෙන්නා අතරට මේ වගේ දෙයක් උනේ කොහොමද? චිත්‍රපටිය පුරාවට ගෙතෙන්නේ ඒ ආදර කතාව වටායි.එහෙනම් අරගෙන බලන්න.වගේම අදහසක් පලකරලා යන්න. මේ වගේ කතා බලනකොට මට හිතෙන දෙයක් තමයි ඇත්තටම මේ වගේ ආදරය කරන අය ලොකේ ඉන්නවාද?නැත්නම් චිත්‍රපටිවල විතරද මේ වගේ අවංකව ආදරය කරන අය..ආදරය වෙනුවෙන් කැපකිරිම් කරන අය..ආදරය වෙනුවෙන් ජිවිතේම දෙන අය ඉන්නේ...ඒ ප්‍රශ්නවලට උත්තරේ ඔබම හිතලා බලන්න.හැමෝටම ආදරණිය දවසක් වේවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Angel_Senuri විසිනි.

1 comment:

  1. one of my favorite,I watched 02 times.. just like walk to remember movie.. ;)

    ReplyDelete

Powered by Blogger.