මාසෙකට සිංහල උපසිරැසි 27 ක්



ඔවු. අවුරුද්දක් වගේ පොඩි කාලයක් ඇතුලත සියලු පිරිසගේ නොපසුබට වැඩකිරීම තුල zoom.lk තුලින් අප ඔබට සිංහල උපසිරැසි 150 කට අසන්න ගණනක් ලබාදී තිබෙනවා. එමෙන්ම ගිය මස (ජූනි) තුල අප ඔබට සිංහල උපසිරැසි අඩංගු චිත්‍රපටි 27 තිලින කරල තියෙනවා. මෙය තනි පුද්ගලයෙක් කල කාර්යක් නෙවෙයි. අප උපසිරැසි කණ්ඩායමේ එකමුතු කමේ ප්‍රතිපලයක් වශයෙන් තමයි මෙය අපට ලබාදෙන්න හැකි වුනේ. ඒ ලබාදුන් සෑම උපසිරසියක්ම චිත්‍රපටයේ හොඳම පිටපතත් සමඟ හොඳම උපසිරැසි ගැන්වීමත් සමඟ ඔබට තිලින කිරීම අප ලැබූ තවත් ජයක්ග්‍රහනයක්. ජනප්‍රියඒ වගේම සැමට එකට හිඳ බලන්න පුළුවන් කුණුහරුප උපසිරැසි කලාවෙන් බැහැරවූ උපසිරැසි කවදත් ඔබට ලබාදුන් අප, මෙම මස තුලත් ඔබට ලොව ජනප්‍රියම චිත්‍රපටි සිංහල උපසිරැසි සහිතව ඔබට ගෙන එන බවට ඔබට පොරොන්දු වෙනවා. ඒ වගේම ඉංග්‍රීසි උපසිරැසි පමණක් නොව, හින්දි තායි, කොරියානු චිත්‍රපට අප මේ දක්වා ඔබට රැගෙනවිත් තිබෙනවා. ඉදිරියටත් එය එසේමයි. විශේෂයෙන් ඉදිරියේදී අප ඔබට අලුත්ම අද්දැකීමක් තිලින කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. හැම දාම අපව කොපි කිරීමට මාන බලමින් සිටින සමහරක් අයට මෙයත් හැකි නම් කොපි කරන්න.එහෙනම් මෙම මාසය තුළදීත් නැවුම් චිත්‍රපටි පෙළහරක් විශිෂ්ට සිංහල උපසිරැසි කණ්ඩායමේ දායකත්වය ඇතුව ඔබට ලබාදෙන බවට පොරොන්දු වෙමු. පසු ගිය මාසයේ අප නිකුත් කෙරු චිත්‍රපට අතර ලෝකයේ හොදම චිත්‍රපට 100 අතර තිබෙන චිත්‍රපටද අතුලත් වුවා වගේම ජනප්‍රිය ඔබ ප්‍රිය කරන අලුත්ම චිත්‍රපට හා පසුගිය අවුරුදු වල නිකුත් කෙරු විශිෂ්ට ගණයේ නිර්මාණද ඒ අතර ඇතුලත් වි තිබිනි.


ඒ අතර ජුනි මාසයේ අප නිකුත් කල චිත්‍රපට 27 අතර 
2012 වසරේ නිකුත් වු චිත්‍රපට 6ක්, 
2011 වසරේ නිකුත් වු චිත්‍රපට 6කි
2010 වසරේ නිකුත් වූ චිත්‍රපට 3ක්
2009 වසරේ නිකුත් වු චිත්‍රපට 3ක්
2008 වසරේ නිකුත් වූ චිත්‍රපට 3ක්
2007 වසරේ නිකුත් වු චිත්‍රපට 1 ක්
2006 වසරේ නිකුත් වු චිත්‍රපට 3ක්
2005 වසරේ නිකුත් වූ චිත්‍රපට 1ක්
2000 වසරේ නිකුත් වු චිත්‍රපට 1 වශයෙනි එය මේසේය..



1.Mirror Mirror [2012]
2.Safe House [2012]
3.Journey 2:The Mysterious Island [2012]
4.Wrath of the Titans[2012]
5.Piranha 3DD [2012]
6.Jannat 2[2012]
7.Tom Sawyer [2011]
8.The Raid : Redemption [2011]
9.Headhunters [2011]
10.You Got Served: Beat The World [2011]
11.Zindagi Na Milegi Dobara [2011]
12.Desi Boyz [2011]
13.The Social Network [2010]
14.Stake Land [2010]
15.Megamind [2010]
16.G.I Joe: The Rise of Cobra [2009]
17.Wake Up Sid[2009]
18.9 [2009]
19.Journey To the Center of the Earth [2008]
20.WALL-E [2008]
21.Coming Soon [2008]
22.The Invisible[2007]
23.Miami Vice [2006]
24.Running Scared [2006]
25.Blood Diamond [2006]
26.My Girl and I [2005]
27.X-Men [2000]


එක තැන පල්වෙමින් තිබු හා චිත්‍රපටියක් නිකුත් වි කාලයක් සිංහල උපසිරැසි සමග බලා සිටිමට වු පිරිසට චිත්‍රපටියක් නිකුත් වු සැනින් උපසිරැසි ලබා ලබා දිමේ සංකල්පය අප රැගෙන ආවෙමු.උපසිරැසි කලාවේ නව තරගයක් ඇතුලත් කලේය.අපට අවශ්‍ය චිත්‍රපට නොව ප්‍රථම වතාවට ඔබට අවශ්‍ය චිත්‍රපට අප උපසිරැසි ගන්වා ලබා දුන්නෙමු.සිංහල උපසිරැසි දිම ආරම්භ කල ප්‍රථමයා අප නොවුවත් මන්දගාමි වි තිබු උපසිරැසි කලාව අප උපසිරැසි කණ්ඩායම එකතු වි එය සිඝ්‍රගාමි කලේය.සිංහල උපසිරැසියක් එක් වචන ගොඩක් ලෙස නොව නව අරුතක් එක් කිරිමට ඔවුන් සියලු දෙනා සමත් විය.


-------------------------------


මිට අමතරව හෙට දිනයේ සිට වෙබ් අඩවියේ දකුණුපස අප නිකුත්කෙරු පරණ චිත්‍රපට වල 180X240 ප්‍රමාණයේ බැනරයක් මගින් දැනුම් දිමක් සිදුකරනු ලබයි.මේ ක්‍රියාවලිය පටන් ගැනිමට සිතුවේ අප වෙබ් අඩවියේ පසුගිය අවුරුද්ද පුරාවට නිකුත් කෙරු චිත්‍රපටවල නැවත දැන්විමක් කලා නම් එය වටිනා දෙයක් බව සිතුන නිසායි.එයත් අලුත් අදහසක් වේවි යැයි සිතුන බැවිනි.


අවසාන වශයෙන් නැවතත් දෙයක් මතක් කිරිමට කැමැත්තෙමි රැ දහවල් වෙහෙසිමින් අප උපසිරැසි කණ්ඩායම නිරන්තරයෙන් ඔබ වෙනුවෙන් උපසිරැසි ලබා දිමට මහත්වෙහෙසක් දරමින් ගත කරන කාලය ඇත්තටම අගය කල යුතු කරණාවකි.ඔවුන්ගේ උත්සහාය නොතිබෙන්නට අද මේ ආකරයේ ජනප්‍රියතාවයක් අප ලබාගන්නේ නැත.පසුගිය මාසයේ දින 30කින් චිත්‍රපට 27ක් නිකුත් කලා මෙන් ඉදිරියෙදි තවත් අලුත් අදහස් ඇතිව චිත්‍රපට ඔබට තිලිණ කිරිම සදහා zoom.lk උපසිරැසි කණ්ඩායම නිරන්තරයෙන් බැදි සිටින්නෙමු.

ජූනි මාසය තුල අප විසින් ලබාදුන් උපසිරැසි  - ජූනි මාසයේ උපසිරැසි

5 comments:

  1. maru maru ohoma karagena yamu..i love zoom.lk..jayen..jaya

    ReplyDelete
  2. එල... එල... කොල්ලො. අලුත්ම ඒවාට උනු උනුවෙම සබ් දීපල්ලා... මමත් දැං සබ් ගන්නෙ උබලාගෙන්. පරණ ඒවාට වඩා අලුත්ම ඒවට ට්‍රයි කරපල්ලා. දිගටම කරගෙන යන්න හැකිවෙන්න කියලා සුබ පතනවා...

    ReplyDelete
  3. patta lokko supiriama sait ekeak zoom.lk thava thavath hodata diyunu karanna jayen jaya veva !

    ReplyDelete

Powered by Blogger.