Housefull 2 (2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



ඔන්න මම පොරොන්දුවක් දුන්නනේ මේ ෆිල්ම් එක ආව ගමන් මම සිංහල උපසිරැසි දෙනවා කියලා.මේක දෙන්න දවසක් දෙකක් ගියාමට එහෙම උනේ නම් ෆිල්ම් එකේ ලයින් 2632ක් විතර තිබ්බ නිසා.(ෆිල්ම් එකක තිබ්බ වැඩිම ලයින් ගානද මන්දා) කොහොම හරි දවස් 2කින් මම මගේ වැඩේ ඉවරයක් කරලා දැම්මා.මේකේ කතාව නම් සුපිරිම එකක්.මේකේ ජනප්‍රිය නළු නිලියන් 12ක් පමණ රංගනයෙන් දාකත්වය දක්වනවා.ඒ අතරින් 4දෙනෙක්ම 80 90දශක වල හින්දි සිනමාව හොල්ලපු වැඩකාරයෝ.මේකේ කතාව ගැන සරලව කියනවා නම් තාත්තලා දෙන්නෙක් ඉන්නවා එයාලට ඕන එයාලගේ දුවලා හොදම සල්ලිකාර පුතෙක්ට බන්දලා දෙන්න.හැබැයි මේ තාත්තලා දෙන්නගෙන් කනෙන් රිංගලා ගිහින් ඒ අයව අන්දන්න කොල්ලෝ 4දෙනෙක්ට පුලුවන් වෙනවා.එකත් කරන්නේ පුදුම විදියට.කතාව මම වැඩිය කියන්න යන්නේ නෑ.හිනාවෙන්නේ දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේක බලන්න.අනිවාර්යෙන් බඩ අල්ලන් හිනාවෙන්න පුලුවන් එකක්.හැමදාම ගහාගන්න කතා බලන අය එක දවසකට හරි මේ වගේ එකක් බලන්න.අනික කොමඩි හා ආදර කතා හොදටම හදන්න පුලුවන් හින්දි සිනමාවේ අයට බව රහසක් නෙමෙයි.හිනාවෙන්න ආස අයවගේම කතාවේ රස දන්න අය අනිවාර්යෙන් මේක බලාවි කියලා මට විශ්වාසයි.එහෙනම් මම ගියා..ආ තව දෙයක් දැන් නම් මට දාන්න හින්දි ෆිල්ම් නෑ.හොද එවා හම්බුනොත් මට කට්ටිය දන්වලා එවන්න.අනිවාර්යෙන් සබ් දෙන්නම්.අපි ගියා එහෙනම්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස්(Punisher) විසිනි

4 comments:

  1. Niyamai.meka denakam balagena hitiye. Danma gannawa.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි අදහස් වලට

    ReplyDelete
  3. හෝ හෝ ෆිල්ම් එක නම් මරු
    නිශාන්ත සහෝ සබ් දුන්නු එකට ස්තුතියි මචෝ !
    :D :D

    ReplyDelete

Powered by Blogger.