Shanghai (2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



කොහොමද කට්ටියට මම මගේ තුන්වැනි උපසිරැසි නිර්මාණය අරන් තමයි අද ආවේ.මේක නම් වෙනස්ම වෙනස් චිත්‍රපටියක්.ඒ වගේම IMDB හි 7.8ක විශාල රැන්ක් එකක් ලබාගත්ත චිත්‍රපටියක්.අපි බලන සුන්දර කතා වෙනුවෙට සමාජයේ ඇත්ත ගැන කතා කරන්න ගත්ත චිත්‍රපටියක්.ඔබ දේශපාලනයේ හොර මැරකම් වංචාකිරිම් හෙළිකරන චිත්‍රපට නැරඹිමට කැමතිද? sarkar,sarkar raj වගේ චිත්‍රපටි වලට ඔබ කැමතිනම් ඒ අයට මේ චිත්‍රපටිය බලන්න කැමති වේවි.මම කලින් කිව්වා වගේ කවුරු හරි මැරුව නිසා චිත්‍රපටයේ ප්‍රධාන නළුවා 20කට විතර ගහලා අන්තිමට දුෂ්ටයව මරණ කතාවක් නම් නෙමෙයි මේ චිත්‍රපටියේ තියෙන්නේ.මේ වගේ බැරෑරුම් චිත්‍රපටියකට මම උපසිරැසි දාන්න හිතුවේ ඇයි කියලා බලනවා ඇති.මම අකමැතිම දේ තමයි දේශපාලනය.කොහොම උනත් ඊයේ (28) උදේම 9ට විතර මට Hedz කිව්වා ෆිල්ම් එකක් තියනවා බාගයක් විතර දාලා දෙන්න පුලුවන්ද කියලා.ඒක නිසා මේක ඩවුන්ලොඩ් කරලා අරන් 10විතර පටන් අරන් දවල් 12වෙද්දි ක්ලාස් යන්න කලින්ම චිත්‍රපටියේ අඩක්ම වැඩ ඉවර කලා.මටම හිතුනා මේක මමම දිගටම දැම්මා නම් හොදයි කියලා.එක නිසා සම්පුර්ණ චිත්‍රපටිය මම භාරගත්තා.හැබැයි මම එනකොට උදාර (රොකියා) සබ් එකේ වැඩ ටිකක් කරලා එවලා තිබ්බා.එක නිසා තවත් ලේසි වුන නිසා මම ඊයේ (28)රැ 8 වෙද්දි වැඩ ඉවර කලා.වෙන චිත්‍රපටියක් පලකරපු නිසා මේක ඔයාලට ලැබෙන්නේ අද (29) උදේ තමයි.මේ ෆිල්ම් එකට සබ් දාන කොට ලොකු ප්‍රශ්නයකට මුණ පැවා.ටොරන්ට් එක ගන්න ඔයාලත් ඕන නම් බලන්න ඉංග්‍රිසි සබ් එක හරියටම විනාඩි 55 ඉදන් චිත්‍රපටියට වඩා පරක්කුවෙලා තමයි සබ් එක යන්නේ.එක කොහොම හරි ඇඩ්මින් එක්ක එකතු වෙලා දන්න සෙල්ලම් සේරම දාලා හදලා ඔයාලා වෙනුවෙන් ගානට හරියට වෙලාවට පෙන්න සබ් එක හැදුවා.මේකේ සිංදු 2ක් තියනවා එකේ සබ් කොපි එකේ තිබ්බ නැති නිසයි දාලා නැත්තේ නැතුව තිබිලා මගහැරියේ නම් නෑ.පුලුවන් හැමදේම අපි ලයින් හදලා සබ් එක ඉවර කරන්න කටයුතු කලා.

අම්මෝ උඩ කියවලා තියනවා නේද ගොඩක්!  ගණන් ගන්න එපා ගැණු ළමයි උනාම ගොඩක් කියවනවා.දැන් චිත්‍රපටියේ කතාව දිහාට පොඩ්ඩක් හැරෙන්නම්.ඉන්දියා ප්‍රාන්ත ආණ්ඩුවක් විසින් නගරය දියුණු කරනවා කියලා පාරවල් හදනවා කියලා අහිංසක ජනතාවගේ ඉඩම් කුණුකොල්ලයට අත්පත් කරගනිමින්,ඔවුන්ට ඉඩම්දෙන බව කියමින් රවටමින් ඔවුන්ගේ ඉඩම් බලෙන් ලියාගෙන ඔවුන්ව ඇත ප්‍රදේශ වල පදිංචි කරන්න යනවා.හුගක් මිනිසුන් මේකට විරුද්ධ උනත් ඔවුන් වෙනුවෙන් කතා කරන්න කවුරුත් ඉන්නේ නෑ.මේ අතර ඇමරිකාවේ ඉදන් ඩොක්ටර් අහමද් නැමැති පුද්ගලයෙක් මොවුන් වෙනුවෙන් ආණ්ඩුවට විරුද්ධව පෙනි සිටිනවා.ඔහුට උදව් කරන්නේ ඉන්දියාවේ පිරිසක්.ඒ අතර ගැණු ළමයෙක් සිටිනවා ශලනි කියලා.එයාට ඩොක්ටර් අහමද් ඉන්දියාවට එන්න කලින්ම අනතුරු ඇගවිමක් ලැබෙනවා එයාව ඝාතනය කරන්න සැලැස්මක් තියනවා එන්න එපා කියන්න කියලා.එත් අහමද් එක ගණන් නොගෙන නොබියව අසරණ ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට විරුද්ධව සටන් කරන්න පාරට බහිනවා.එයට ශලනිත් උදව් කරනවා.මේ අතර මගදි අර ආපු අනතුරු ඇගවිම ඇත්ත වෙනවා.ඩොක්ටර් අහමද්ව අනතුරකට පත් කරනවා.මේක කරන්නේකවුද කියලා ශාක්ෂි ඇතුවම ඔප්පු කරන්න ශලනි සාක්ෂි සොයමින් යනවා.මේ ගමනේදි ඔහුට තවත් කෙනෙක් හමුවෙනවා ඔහු ජොගි නම් කැමරාකරණ ශිල්පියෙක්.මොවුන් ඇත්ත මිනිමරුවන් නිතිය ඉදිරියට අරන් එයිද?නැතිනම් ඔවුන්ගේ ජිවිත වලින් වන්දිගෙවිමට සිදුවෙයිද.නැත්නම් ඔවුන් හිටි හැටියේ අතුරුදහන් වූ අය වෙයිද? මේ සේරම දැන ගන්න චිත්‍රපටිය බලන්නම වෙනවා.මෙහි ශලනිගේ චරිතයට Kalki Koechlin පණපොවන අතර ජොගි ගේ චරිතය නිරුපණය කරන්නේ Emraan Hashmi විසිනි. එහෙනම් අරන් බලලා අදහසක් කියලා යන්න.ඒ වගේම චිත්‍රපටියට සබ් දාන්න මාව දිරිමත් කරපු ඇඩ්මින්ටත් එය සදහා උදව් කරපු උදාර ටත් ස්තුති කරමින් අදහසක් දාලාම යන්න කියලා ඉල්ලමින් සමුගන්නවා.හැමෝටම සුභ දවසක්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශේනාලි ගෝමස් විසිනි

No comments

Powered by Blogger.